දේශීය පුවත්

ශ්‍රී ලංකාව ලබන මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග සාකච්ඡා ඇරඹීමට තීරණය කර ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

එම වාර්තා සඳහන් කළේ, මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ විදේශ විනිමය හිඟය කළමනාකරණය කිරීම ඇතුළුව අර්බුදකාරී තත්ත්වය සඳහා උපකාර ලබා ගැනීමේ සැලැස්මක් සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කරන බව මූලාශ්‍ර තුනක් අද (මාර්තු 11) ප්‍රකාශ කළ බව ය.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ යෝජනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අප්‍රේල් මැද භාගයේදී වොෂිංටන් වෙත පිටත්ව යාමට නියමිත බව එම වාර්තා සඳහන් කළේ ය.

එම වාර්තා වැඩිදුරට ත් පෙන්වා දුන්නේ, ජූලි මාසයේදී කල් පිරෙන ඩොලර් බිලියනයක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරයක් ඇතුළුව ශ්‍රී ලංකාවට මෙම වසරේ ඩොලර් බිලියන 4ක පමණ විදේශ ණය ගෙවීමට සිදුවන බව ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More