දේශීය පුවත්

ඉන්ධන ඒකාධිකාරය ඉන්දියන් ඔයිල් සමාගමටත් විදුලිය ඒකාධිකාරය ඇමරිකන් නිව් ෆෝට‍්‍රස් සමාගමටත් නුදුරේදීම හිමි විය හැකි බව තෙල්, වරාය, විදුලිය ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පැවසීය.

මේ වනවිට සිපෙට්කො ඉන්ධන හල්වල ඉන්ධන පෝලිම් තිබුණත්, ඉන්ධන මිල වැඩි කිරීමත් සමග ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධනහල්වල පොලිමක් නොමැති බවත් ඔහු කීය.

එමෙන්ම එම හල්වලින් ඉන්ධන අවශ්‍ය තරම් වැඩි කළ මිලට ලබාගත හැකි බවද ඔහු කීය. ජනතාව ද සිපෙට්කො ඉන්ධන හල්වල සිට ඉන්දියන් ඔයිල් හල්වලින් ඉන්ධන ගැනීමට කටයුතු කිරීමත් සමගම මෙරට බලධාරීන් සිපෙට්කො හල්වලට ඉන්ධන සැපයුම අඩුකරන බවත් ඔහු කීය.

මේ නිසා සිපෙට්කො සතුව තිබූ ඉන්ධන බෙදා හැරීමේ බලය ඉන්දියන් ඔයිල් සමාගමට නතුවන බවත් මේ ආකාරයෙන් විදුලි සැපයුම ද වැඩි දිනක් යෑමට පෙර ඇමරිකන් නිව් ෆෝට‍්‍රස් සමාගම බත්තලක් සහිත නැවක් මෙරටට ගෙන්වා එල්. එන්. ජී. මගින් විදුලිය ලබාදීමට කටයුතු කරනු ඇති බවත් ඔහු කීය. ඒ හරහා විදුලි ඒකාධිකාරය ද එම සමාගමට හිමිවන බවත් ඔහු කීය. රටේ විදුලිය අවශ්‍යතාවය වන මෙගාවොට් 2700 ක සම්පූර්ණ ප‍්‍රමාණය ද ඇමරිකන් එල්. එන්. ජී නැවකින් ලබාදීමට හැකි තාක්‍ෂණය ඔවුන් සතුව පවතින බවත් ජයලාල් මහතා වැඩිදුරටත් පැවසීය.

(දිවයින )



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More