ජාතික විගණන කාර්යාලයේ විශේෂ වාර්තාවකට අනුව ප්‍රමිතියෙන් තොර බවට තහවුරුවූ ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ 112 ක් මිනිස් පරිභෝජනය සඳහා වෙළෙඳ පොළට නිකුත්වී ඇති බව වාර්තාවේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සාම්පල 299ක් සම්බන්ධයෙන් 2020 වර්ෂයේදී පැවැත්වූ පරීක්ෂණයකදී මෙම භාණ්ඩ වර්ග 112 නියමිත ප්‍රමිතියෙන් හා පිරිවිතරයන්ගෙන් තොර බවට තහවුරුවී තිබියදී ඒවා තහනමට ගෙන රඳවා තබා ගැනීමට කටයුතු කර නැති බවට තොරතුරු අනාවරණයවූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය නිලධාරීන් කළ විමසුමකදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ප්‍රධානීන් පවසා ඇත්තේ නියැදි පරීක්ෂාවන්ගෙන් අහිතකර ප්‍රතිඵල ලැබුණත් එම භාණ්ඩ තොග රඳවා ගැනීමට හෝ තහනමට ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතෙන් ප්‍රතිපාදන සැලසී නැති බවයි.
මේ අතර 020 ජුලි 29 දිනැති අංක 2186/17 දරණ ගැසට් පත්‍රය මගින් රසායනාගාර පරීක්ෂණ සඳහා මිල පාලනයක් ඇති කර තිබුණද එහි ප්‍රතිඵල පාරිභෝගිකයා අතරට ගිය බවට සමීක්ෂණ කිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කිසිදු වැටලීමක් කර නැති බවද ජාතික විගණන කාර්යාලය පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...