දේශීය පුවත්

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එකතුව ප්‍රමුඛව ඇමතිධුරවලින් ඉවත් කරනු ලැබූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන්ගේ මැදිහත් වීමෙන් කොළඹ දී ජනරැලියක් පැවැත්වීමට එම පක්ෂ සැලසුම් කරමින් සිටින බව ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත වාර්තා වේ.

එම රැස්වීම මහින්ද රාජපක්ෂ මහතා 2015 ජනවාරි මස ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ පසුව “මහින්ද සුළඟ ” නමින් නුගේගොඩ දී පැවැත්වූ රැස්වීම ආකාරයෙන් නුගේගොඩ දීම පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පක්ෂ එකොළහේ අභ්‍යයන්තර ආරංචි මාර්ග පවසයි.

ඉකුත්දා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන්ගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවක දී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවද අප වෙත වාර්තා වේ .

එම රැස්වීම පැවැත්වෙන කාලවකවානු සම්බන්ධයෙන් අප වෙත වාර්තා කරන එම පක්ෂ එකොලහේ ආරංචි මාර්ග එම රැස්වීම මේ මස අග දී පමණ පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බවද පවසා සිටී.

මීට අමතරව එම ,හවුල්කාර පක්ෂ එක්ව රට පුරා දිස්ත්‍රික් මට්ටමින් රැස්වී මාලාවක් පැවැත්වීමටද තීරණය කර ඇතැයි එම ආරංචි මාර්ග පවසා සිටී.



One thought on “පක්ෂ එකොළහෙන් නුගේගොඩදී ජන රැලියක්! ” මහින්ද සුළඟ” පැවැත්වූ විදියටම පවත්වනවාලු!”

  1. හමන සුළඟක් ඉක්මනටම හැමෙව්වොත් හොඳයි බැසිල් වාතය තවදුරටත් අධිපීඩනයකින් අඩුපීඩන කළාප වලට කඩා වදින්න පෙර.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More