ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම ප්‍රතිශතයකින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිළ ඉහළ දැමීම ඊයේ මධ්‍යයම රාත්‍රියේ සිදු කරනු ලැබිණි. මේ අතර ඉන්දියානු ඔයිල් සමාගමේ ඉල්ලීම පරිදි මෙම මිළ වැඩිකිරීම සිදු කර ඇති බව ප්‍රසිද්ධ පුවත් පතක් වාර්තා කර තිබුණි.
ඒ අනුව ලංකා ඛනිජ තෙක් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිළ ගණන් පහත පරිදි වේ.
පෙට්‍රල් (92) – නව මිල රු.254 (රු.77කින් මිල වැඩිවී ඇත )
පෙට්‍රල් (95) – නව මිල රු.283 ( රු.76කින් මිල වැඩිවී ඇත )
ඔටෝ ඩීසල් – නව මිල රු.176 (රු.55කින් මිල වැඩිවී ඇත )
සුපර් ඩීසල් – නව මිල රු.254 ( රු.95කින් මිල වැඩිවී ඇත )
මිල වැඩි කිරිමෙන් පසු ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ නව මිල මෙසේය.
යුරෝ 03 පෙට්‍රල් – රුපියල් 263
ඔක්ටේන් 95 පෙට්‍රල් – රුපියල් 283
ඔටෝ ඩීසල් – රුපියල් 214
සුපර් ඩීසල් – රුපියල් 249
මෙම මිළ වැඩිකිරීම් අනුව තව දුරටත් සිපෙට්කෝ බෙදුම්හල්වල ඩීසල් මිල අඩු මිලකින් යුක්ත වේ. කෙසේ වුවද ඩීසල් මිළ රැපියල් 128කින් මිල වැඩිකිරීමක් සංස්ථාව විසින් ඉල්ලා තිබුණු බව වාර්තා වේ. ඩීස්ල මිළෙහි ඇති වෙනස මත සිපෙට්කෝ අලෙවිසල් තව දුරටත් පාඩු ලබනු ඇති අතර මිල සාධයක මත ඩීසල් ලබා ගැනීම සදහා ඉන්දීය තෙල් සමාගමේ බෙදුම්හල් වෙත රියදුරන් යොමු අවම මට්ටමක පවතිනු ඇත.
කෙසේ වෙතත් මෙම මිල වැඩි කිරීම මෙරට ඉතිහාසයේ වැඩිම මිල වැඩි කිරීමයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉංදියාවේ මෙන් තෙල් මිළ පාවෙන්න ඇරීම හැර වෙන කළයුතු දෙයක් නැහැ. තෙල් මත පනවා ඇති අධික බදු අඩු කිරීම, ප්‍රවාහනය සඳහා ගාස්තු අඩු ක්‍රම භාවිතා කිරීම, අත්‍යාවශ්‍යය සහ පොදු සේවා සඳහා පමණක් රජයෙන් සහන මිළට ඉන්දන ලබාදීම, තෙල් සංස්ථාවේ සුපිරි වැටුප් සංශෝධනය කිරීම, ආදී ප්‍රතිපත්ති සැකසිය යුතු වේ.