දේශීය පුවත්

පසුගිය දින කාදිනල්‍තුමා ජිනීවා ගොස් පාස්කු ප්‍රහාරය මුස්ලිම් අන්තවාදීන්ගේ අරමුණු වෙනුවෙන් පමණක් නොව වෙනත් දේශපාලන අරමුණක් වෙනුවෙන් සිදුවූවක් යැයි සැකයක් මතුකිරීම පිළිබඳව “ලංකා ලීඩ් නිවුස්” හි විමර්ශණ ඒකකය ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතාගෙන් විමසන ලදී. එතුමා පවසා සිටියේ ජාත්‍යන්තරයේ අනුකම්පාව හා බලපෑම ලබා ගැනීමට කාදිනල්තුමා කළ එම ප්‍රකාශයෙන් එතුමාගේ ප්‍රතිරූපයට විශාල හානියක් සිදු එඋනු බවයි. ඒ පිළිබඳව යසස් ධර්මදාස මහතා කළ සම්පූර්ණ ප්‍රකාශය පහත පරිදි වේ.

“කාදිනල්තුමා පාස්කු ප්‍රහාරය පිළිබඳව කරුණු කීමට ජිනීවා යනවා යැයි දැනගත් අවස්ථාවේ සිට අප ඒ පිළිබඳව අවධානයෙන් පසුවුනා. උන් ව්හන්සේ වත්මන් රජය බලයට පත්වීම පිණිස පාස්කු ප්‍රහාරය සිදුකළා යැයි කියන මතය පිළිගන්නා ආකාරයක් දක්නට ඇතිවිට අප දන්නා කරුණු ඔස්සේ එය නිවැරදි මතයක් නොවෙයි කියා ඒත්තු ගැන්වීමට උත්සාහ කළ. එසේම උන් වහන්සේ ජිනීවා ගිය පසුවත්, ජිනීවා සමුළුව ආමන්ත්‍රණය කිරීමට පෙර ශ්‍රී ලංකාවේ සිටින බිශොප්වරුන් මාර්ගයෙන් කාදිනල්තුමාට විශේෂ ලිපියක් අප යොමුකළා එවන් අදහසක් සමුළුවට ඉදිරිපත් නොකරන ලෙසට. ඇත්ත වශයෙන්ම එවන් අදහසක් සමුළුවට ඉදිරිපත් කළානම් එම අදහස හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් පොන්සේක කළ සුදු කොඩි කතාවට නොදෙවෙනි දේශ ද්‍රෝහී කතාවක් වෙනව. අපේ ඉල්ලීම නිසා හෝ වෙනයම් හේතුවක් නිසා කාදිනල්තුමා එක්තරා කණ්ඩායමක් විසින් සංවිධානය කර තිබුන රජයට විරෝධයපාන වැඩ සටහන් වලට සහභාගී වුවේ නෑ. එසේම කාදිනල්තුමා කෙලින්ම රජයට කරන්න බලාපොරොත්තු වුණු චෝදනාවෙන් වැලකී එය යම්කිසි ලෙසකින් සැර බාල කරන ආකාරයකින් තමයි ප්‍රකාශ කළේ. නමුත් එම ප්‍රකාශයත් එක අතකින් කාදිනල්තුමාගේ ප්‍රතිරූපයට බලපානව. අනෙක් අත්තින් සාක්ෂි රහිතව වගකීම් විරහිතව කරණ ප්‍රකාශලින් කොපමණ හානියක් වෙනවද යන්නත් සැළකිය යුතුයි.

පාස්කු ප්‍රහාරය වත්මන් රජය බලයට ගෙන ඒමට කළ දෙයක් නොවනබව දැක්වීමට ඕනෑතරම් සාක්ෂි තියෙනව. එසේම, කාදිනල්තුමා සමහරවිට නොදැන ඉන්න ඇති, පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ සඳහා ශ්‍රී ලංකාවේ අදාල ආයතන පමණක් නොව අන්තර්ජාතික පොලීසියේ කණ්ඩායම්ද, ඇමරිකාවේ එෆ්.බී.අයි. ආයතනය සහ ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් පොලීසියත් සම්බන්ධ වුණු බව. ප්‍රහාරයෙන් විදේශිකයින් 45ක් මියගියා. අඩුම තරමින් එම රටවල තානාපති කාර්‍යාල මගින් සුළු හෝ සොයා බැලීමක් මේ පිළිබඳව කර ඇතැයි කියා සිතිය හැකියි. යම් හෙයකින් එවන් සැකයක දුමක් වත් තිබුණා නම් මේ වනවිට කාදිනල්තුමා සැකකරන කිසිවෙක්ට නිදැල්ලේ ඉන්න ලැබේවි කියල හිතන්න අමාරුයි. එවන් චෝදනාවක් කිරීමට කිසිම හේතුවක් නොමැති බව අනිවාර්යයෙන්ම ඉන්ටර්පෝල් ආයතනය, එෆ්බීඅයි ආයතනය, ඕස්ට්‍රේලියන් ෆෙඩරල් පොලීසිය ආදිය දන්නව ඇති. එවන් පසුබිමක් මත කාදිනල්තුමා මෙවැනි ප්‍රකාස්දයක් කිරීමෙන් ඔය කිව්ව ආයතන වලින් තොරතුරු ලබාගන්නා රටවල් හා ආයතන කාදිනල්තුමාගේ ප්‍රකාශය පිළිබඳව උන්වහන්සේ කෙරෙහි කුමන ආකාරයේ ආකල්පයක් දරාවිද යන්න මම විශේෂයෙන් කියන්න අවශ්‍ය නැහැ.

අනෙක් කරුණ වන්නේ, ඔය සැකය කාදිනල්තුමා වෙත රෝපණය කළේ හිටපු නීතිපති දප්පුල ලිවේරා මහතායි. මේ වනවිට ලිවේරා මහතා විසින් ගොනුකරනලද පාස්කු ප්‍රහාරය පිළිබඳව නඩු කිහිපයක් නීතිපති දෙපාර්තමේන්තුවේ දෝෂ හැටියට තීන්දු කරමින් අධිකරණය චූදිතයින්ව නිදොස්කොට නිදහස්කර තියෙනව. බැඳුම්කර නඩුවත් ඒ ආකාරයේම දෝෂ සහිතයි කියා ඉවත දමා තියෙනව. එවන් ආකාරයේ තමුන්ගෙ වෘත්තීය වගකීම සහ එහි විශ්වාසනීයත්වය දප්පුල ලිවේරා මහතා කෙලෙසගෙන තියෙනව. ඉදිරියෙදීත් ඇසීමට නියමිත පාස්කු ප්‍රහාරය පිළිබඳ නඩු වලටත් ඔය තත්‍ත්වය බලපාන්න හැකියාව තියෙනව. වැඩිම නඩු ගනනක් නීතිපතිගේ දෝෂ හේතුවෙන් ඉවත දමන්නවුන නීතිපති ලෙස සමහරවිට එතුමා ඉතිහාසගතවේවි. එවන් වෘත්තීය ගරුත්වඣ්ය විනාශකරගත් තැනැත්තෙකුගේ වාචාල වචනයක් විශ්වාස කිරීම කාදිනල්තුමා වැන්නෙකුට ඔබින්නෙ නැහැ කියා හිතෙනව.

අනෙක් අතට දප්පුල ලිවේරා නීතිපතිතුමා ඔහුගේ තනතුරේ කටයුතු නියමාකාරයෙන් සිදුකරානම් සමහරවිට පාස්කු ප්‍රහාරය සිදු නොවන්න ඉඩ තිබුන. එයට හේතුව තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහරාන් පිළිබඳව නීතිපති උපදෙස් පතා එවන ලද වාර්තාව වසර දෙකක් යනතෙක් අධ්‍යයනය කර නොතිබීම. ඒ පිළිබඳව විස්තර පාස්කු කොමිසමේදී හෙළි වුනා. හේමසිරි ප්‍රනාන්දුටත් පූජිත ජයසුන්දරටත් විරුද්ධව නඩු දැම්මෙ ප්‍රහාරය වලක්වා ගැනීමට තොරතුරු දැනගෙනත් කටයුතු නොකිරීම පිළිබඳවයි. එසේනම් ඒහා සමානම වරදක් දප්පුල ලිවේරා හිටපු නීතිපතිතුමත් සිදුකර තියෙනව. අධිකරණ ක්‍රමය දූෂිතයි කියා 30/1 වාර්තාවේ සඳහන් චෝදනා මෙවැනි දුර්වල වගකීම් පැහැරහැරීම් නිසා තහවුරු වෙනව. මට හිතෙන්නෙ ඒ වරදෙන් ගැලවීම පිණිස වෙන්න පුළුවන් අර වගේ ප්‍රකාශයක් දප්පුල ලිවේරා හිටපු නීතිපති තුමා විසින් කරණ ලද්දේ. එවිට පක්ෂ විපක්ෂ සියල්ලම එල්ලෙන්නෙ එවැනි ප්‍රකාශයක. වත්මන් රජය එදා විපක්ෂයේ ඉන්දැද්දි චෝදනාවක් ලද විගස දුර්මුඛ උනා වගේ තවමත් චෝදනාවක් ලද විගස දුර්මුඛ වෙනව. එදා රජය අද විපක්ෂය ඊට හාත්පසින් වෙනස්. කටට යමක් ලැබුන වහාම එය ‘ඇම්ප්ලිෆයි’ කරන්න එයාල හොඳට දන්නව. ලිවේරා හිටපු නීතිපතිතුමාගෙ චෝදනාව ඇහුන පමණින් රජය ලොක්ඩවුන් උනා. එබැවින් නීතිපතිතුමාගේ ප්‍රමාදය පිළිබඳව ප්‍රශ්ණකරන්න සොයාබලන්න අවශ්‍යයි කියන එකත් අමතකවෙන්න ඇති. එවන් බරපතල කාරණයක් පිළිබඳව සැකකිරීමට කරුණු රාශියක් තියෙනව. ඒ පිළිබඳව වහා විමර්ෂණයක් කළ යුතුයි. තම වෘත්තීය වගකීම පැහැර හැරීම පිළිබඳව හා එයින් 250 ස් දෙනෙකුට ජීවිත අහිමිවීම, තවත් පන්සිය දෙනෙකුට තුවාල සිදුවීම, සංචාරක ව්‍යාපාරය කඩාවැටීම ආදී සියළුම වැරදි වලට එතුමා වගකිවයුතුයි.

ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනතත් එපා කියන පෙත්සමකටත් කාදිනල්තුමා අත්සන් කළ. එයින් පාස්කු වින්දිතයින්ට ලැබෙන ආධාරය කුමක්ද කියා හිතන්න අපහසුයි. මෙම පනත අහෝසි කිරීමත් 30/1 යෝජනාවේ (තරවටුවේ) එක කොන්දේසියක්. කාදිනල්තුමා 46/1 සමාන යාන්ත්‍රණයක් පාස්කු ප්‍රහාරය සඳහා ඉල්ලනව. චෝදනා එක සමාන බැවින්, එනම් අභූත චෝදනා බැවින්, එසේ ඉල්ලා සිටියාද දන්නෙ නැහැ. කෙසේ වුවද මේ සඳහාත් හිටපු නීතිපතිතුමාත් උපදෙස් දුන්නද කියන්න නොහැකියි. කාදිනල්තුමාගේ මෙම ඉල්ලීම ඉටුකළහොත් පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට කෙසේ වෙතත් චූදිතයින්ටනම් සහනයක් ලැබේවි. ඒ පිළිබඳව විද්වත් ඇගයීමක් අදාල අංශවලින් රටට හෙළිකරන්න කටයුතු කළොත් හොඳයි කියා හිතෙනව. නැත්නම් පය බරවායට පිටිකර හයා බෙහෙත් බඳිනව වැනි කටයුතු සිදු වෙන්නට ඉඩ තිබෙනව.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More