දේශීය පුවත්

2010 – 2014 වකවානුව තුළ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් පරිහරණය කරන ලද වාහන කිහිපයක් පිළිබඳව සිදුකරන විමර්ශනයක් සඳහා යැයි කියමින් එම සංස්ථාවේ වත්මන් ප්‍රවාහන කළමනාකාරවරයා අද(10) දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ දූෂණ විමර්ශන අංශය වෙත කැඳවා ප්‍රශ්න කිරීමට කටයුතු යොදා තිබිණි.

මෙම වාහන පිළිබඳ විමර්ශනයක් සිදු කෙරෙන බව සඳහන් 2010 – 2014 වකවානුව තුළ ඉංජිනේරු සංස්ථාව පැවතියේ එවකට ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය ධුරය දැරූ විමල් වීරවංශ මහතා යටතේය. 2015 දී බලයට පැමිණි යහපාලන ආණ්ඩුව, ‘මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය(FCID)’ නමින් නව පොලිස් කොට්ඨාසයක් පිහිටුවා විපක්ෂයේ දේශපාලනඥයින් දඩයම ඇරඹූ අතර එමගින් විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කිරීම පිණිස එල්ල කළ චෝදනාව වූයේ ‘ඉංජිනේරු සංස්ථාවේ වාහන අවභාවිතයට අනුබල දීම’ යන්න ය. එහිදී අධිකරණය පවා නොමග යවමින් පොදු දේපළ පනත යටතේ විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම මගින් ඇප ලබා නොදී 2017 ජනවාරි 10 දින සිට අප්‍රේල් 7 වැනි දා දක්වා දින 87ක් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තැබීමට යහපාලන ආණ්ඩුව කටයුතු කළේය.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් එවකට පැවැති යහපාලන ආණ්ඩුවේ දේශපාලන වුවමනාව මත පැවරූ නඩුවලින් වත්මන් ආණ්ඩුවේ බොහෝ දේශපාලනඥයින් අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරන අවස්ථාවක විමල් වීරවංශ මහතාට පවරා ඇති නඩුවට අදාළ කරුණු සම්බන්ධයෙන් එම ආණ්ඩුව යටතේම වෙනත් මුහුණුවරකින් විමර්ශන ඇරඹීම බරපතළ දේශපාලන පළිගැනීමක් බව තතුදත් දේශපාලන ආරංචිමාර්ග පෙන්වා දෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More