මේ දිනවල ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 49 වන සැසි වාරයේදී එංගලන්තයේ පදිංචි නීතිඥ ජයරාජ් පලිහවඩන මහතා විසින් සමුළුව අමතා පසුගියදා වැදගත් ප්‍රකාශයක් කරන ලදී. එතුමා විසින් කරන ලද කතාව පහත පලවේ
“මානව හිමිකම් කොමිසම විසින්, ශ්‍රී ලංකාවේ අවසන් වූ තිස් වසරක යුද්ධය ඉලක්ක කර ගෙන ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩකිරීම් පිලිබඳ සාක්ෂි එකතු කිරීම සඳහා යාන්ත්‍රණයක් ආරම්භ කර තිබෙනවා. එසේ එකතු කරගන්නා “කරුණු” මත පදනම්ව, ශ්‍රී ලාංකික රණවිරුවන්ට විදේශ රට වල නඩු ගොනු කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කිරීමට සූදානමක් පවතිනවා (Universal Jurisdiction).
ත්‍රස්තවාදය අවසන් කිරීම හේතුකොටගෙන සියලු ශ්‍රී ලාංකික ජනයා අද සාමයේ ප්‍රතිඵල භුක්ති විඳිමින් සිටිනවා. (රණවිරුවන් ඉලක්ක කොට කරන) මෙම සාක්ෂි එකතු කිරීමේ ක්‍රියාවලිය තුල ජනතාව අතර සංහිඳියාව ගොඩ නැගීමට කොමිසම බලාපොරොත්තු වන්නේ කෙසේ දැයි කියා මෙම සමුළුව පැහැදිලි කළ යුතුයි.
මෙම යාන්ත්‍රණයේ අරමුණ, 2009 දී ඇණ හිටුණු, ශ්‍රී ලංකාව බෙදා වෙන් කිරීමේ ව්‍යාපෘතිය තවදුරටත් ඉදිරියට ගෙන ගොස්, ඒ සඳහා කේවල් කිරීමට ඇති කරන ලද යාන්ත්‍රණයක් බව පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම සුළු ජාතීන්ට වඩා හිතවත් වී, මහා ජාතියේ මානව හිමිකම් නොසලකා හරින ක්‍රියාදාමයකට මානව හිමිකම් කොමිසම යොමුවී ඇති බව පෙනෙන්නට තිබෙනවා.එවන් ක්‍රියාදාමයක් තුල ශ්‍රී ලංකාව දිනාගත් සාමය අනතුරට ලක් කිරීමේ අවදානමක් මෙම ක්‍රියාදාමය විසින් ඇති කරනවා.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...