දේශීය පුවත්

වලංගු බලපත්‍රයක් නොමැතිව අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සීමා කරමින් ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තාවේ.

ඊට අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති බවද වාර්තාවේ.

ඒ අනුව 2022 අංක 05 දරන ආනයන හා අපනයන පාලන රෙගුලාසි ප්‍රකාරව තෝරාගත් භාණ්ඩ සඳහා ආනයන පාලන බලපත්‍රය (ICL) පැනවීම ඊයේ (මාර්තු 09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව එම අදාළ ගැසට් නිවේදනය මගින් පැවසේ.

නිවේදනයේ නියම කර ඇති රෙගුලාසි අදාළ වන්නේ භාණ්ඩ ආනයනය සඳහා පමණක් වන අතර, ඒවා මාර්තු 10 හෝ ඊට පසු පැටවීමේ බිල්පත/ගුවන් මාර්ග බිල්පත් වල සඳහන් අත්‍යවශ්‍ය නොවන භාන්ඩ වලට පමණක් අදාළ වන බවද පැවසේ.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නිර්දේශයට යටත්ව නිශ්චිත අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීමට වෙනම බලපත්‍ර නිකුත් කෙරෙන බවද අදාළ ගැසට් නිවේදනයෙන් කියවේ.

නිශ්චිත භාණ්ඩ ආනයනය කිරීමට බලාපොරොත්තු වන ඕනෑම ආනයනකරුවෙකු එම ආනයනයට අදාළ බිල්පත/ගුවන් මාර්ග බිල්පත සහ ආනයන හා අපනයන පාලන පාලක ජනරාල් විසින් නිකුත් කරන ලද වලංගු බලපත්‍රය සන්තකයේ තබා ගැනීම අවශ්‍ය බවද ගැසට් නිවේදනය් මගින් කියවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More