ඊයේ(09) පස්වරුවේ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු සමඟ පැවැති හමුවේ දී අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ වාසුදේව නානායක්කාර මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් නොකළේ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමෙන් පසු ඔහු ද ඉල්ලා අස් වනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වූ නිසා බවයි.
කෙසේවෙතත් විමල් වීරවංශ හා උදය ගම්මන්පිල අමාත්‍ය ධුරයෙන් ඉවත් කළේ කැමැත්තකින් නොවන බවත් මුදල් අමාත්‍යවරයා අවධාරණය කර ඇත.
“විමල් වීරවංශයි උදය ගම්මන්පිලයි ඉවත් කළා කියා ආණ්ඩුව පවත්වාගෙන යාමේ ගැටලුවක් නැහැ. තමනට බනින අය විවේචනය කරන අය සතුරන් නොවෙයි. අග්‍රාමාත්‍ය තුමා ගෙන් දේශපාලන ඉවසීම ගැන ඉගෙනගෙන ගෙන ඉවසීමෙන් වැඩ කරන ලෙස ඉල්ලා සිටිනවා.” යනුවෙන් පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...