දේශීය පුවත්

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසා සිටියේ විපක්ෂය මෙන්ම ස්වාධීන ආර්ථික විශේෂඥයින් පසුගිය කාලයේදී දිගින් දිගටම කියා සිටියත් මහ බැංකුව විසින් රුපියලේ අගය කෘත්‍රිමව අල්ලාගෙන සිටීම නිසා රටට ඩොලර් බිලියන 04 ක පමණ දැවැන්ත පාඩුවක් වූ බවත් හිටි හැටියේම නින්දෙන් ඇහැරුණාක් මෙන් රුපියල 230 ක් දක්වා මහ බැංකුව අවප්‍රමාණය කළේ ඉන්දියාවේ බලපෑම නිසා බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පැවසුවේ රුපියල බදාගෙන හිටපු මහ බැංකුව ඉන්දීය විදේශ අමාත්‍ය ජයශංකර් මහතාගේ දුරකතන ඇමතුමෙන් පසුව සලිත වූ බවත් බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමග සිදුකළ දුරකතන සංවාදයෙන් පසුව හිටිහැටියේ මෙම තීරණය ගත් බවත් පැවසුවේය.

මාධ්‍යයවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දක්වමින්,

“දැන් ලංකාවේ රුපියලේ අගය තීරණය කරන්නේ ජයශංකර්ද? මේ ආණ්ඩුව ඉන්දියාවෙන් ඩොලර් බිලියන 1000 ක ණයක් ගන්න යනවා. ඒකට ඉන්දියාව කොන්දේසි දාල තියනව බව අනාවරණය වෙනවා. මේ රුපියල අවප්‍රමාණය කරන්නෙත් එහි එක කොන්දේසියක් විදිහට. මේ තීරණය ගන්න ඉන්දියාව කියනකම්ම ඉන්න ඕනද? මේ ආණ්ඩුවට මොලයක් කියල දෙයක් නැද්ද? රුපියල 230 ක් දක්වා කෘත්‍රිම ලෙස අවප්‍රමාණය කිරීමත් අතීසාරයට අමුඩ ගැසීමක් පමණයි. මේ තුළින් වෙළෙඳපොළ බලවේග වලට අනුව නිදහසේ රුපියලේ අගය තීරණය වෙන්නේ නැහැ. ඩොලරයක මිල රුපියල් 230 ක මිලකට කෘත්‍රිමව පාලනය කිරීමත් ලෙහෙසි පහසු එකක්ක් නොවෙයි. මේ ආණ්ඩුව කිසිදා නිවැරදි තීන්දු ගන්නේ නැහැ. මෙවැනි අපැහැදිලි තීරණ නිසා මේ වනවිට මූල්‍ය වෙළෙඳපොළ ව්‍යාකූලත්වයට පත්වී තිබෙනවා. එක් අතකින් රටට ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වීම සඳහා ඩොලර් හිඟයක් නිර්මාණය වී තිබෙන අවස්ථාවක රුපියල කෘත්‍රිම ලෙස පාලනය කිරීමේ බලපෑමෙන් ජනවාරි මාසයේදී මෙරටට ලැබිය යුතුව තිබූ විදේශ ප්‍රේෂණ ආදායම් සියයට 62 කින් පමණ දැවැන්තව කඩා වැටුණා.මෙම තත්ත්වය තුළ විදේශ ශ්‍රමිකයින් විසින් මෙරටට එවූ මුදල් මාස 07 ක් තුළ ඩොලර් බිලියන 2.5 කින් පමණ අඩුවූ වා. රුපියල රැකගැනීම සඳහා තවත් ඩොලර් බිලියන 1.5 ක් පමණ මේ ආණ්ඩුව විනාශකර දැමුවා.” යනුවෙන් පැවසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More