ලංකා විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග උපුටා දක්වමින් පුවත් වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර තිබුණේ විදුලිය නිපදවීම සදහා අවශ්‍ය වන ගල්අඟුරු හිගයත් ඇති වීමට ඉඩ ඇති බවයි. ගල් අඟුරු ආනයනය කිරීමට වෙන් වෙන් කර ඇති මුදල් ඉන්ධන ආනයනය කිරීමට යොදා ගැනීමේ සූදානමක් පවතින නිසා මෙම තත්වය උද්ගත වී තිබෙන බව එම පුවත් වෙබ් අඩවි වැඩිදුරටත් කියා සිටී.
කෙසේ වුවද බලශක්ති විශේෂඥයන් පවසන්නේ ගල් අඟුරු හිගයක් ඇති වූවොත් එමඟින් විදුලිය නිෂ්පාදනය කරන බලාගාර අක්‍රිය වීමෙන් දෛනික පැය 15 පමණ විදුලි කප්පාදුවකට යාමට සිදුවීම අනිවාර්යක් බවයි.
එවන් කප්පාදුවකට යාමට සිදු වුවහොත් එය මෙතෙක් කාලයකට මෙරට සිදුවන දීර්ඝතම විදුලි කප්පාදුව වනු ඇති බව ද බලශක්ති විශේෂඥැයන්ගේ මතයයි.
අප්‍රේල් මාසය අවසන් වන විට පෙර ගල් අඟුරු ආනයනය කිරීම ආරම්භ නොකළහොත් ඉන් පසු පැමිණෙන වාරකන් කාලයේ දී කිසිදු ගල් අඟුරු නැවක් මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වීමෙන් ඉදිරි සති කිහිපය තුළ අනිවාර්යයෙන් ගල් අඟුරු ආනයනය කිරීමට කටයුතු කළ යුතු බවත් එසේ නොවුණහොත් සිදුවන්නේ දින ගණනාවකටම අඳුරේ සිටීමට බවත් බලශක්ති විශේෂඥයෝ වැඩිදුරටත් පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...