දේශීය පුවත්

කොළඹ දී මාධ්‍ය වෙත අදහස් පළ දක්වමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ විදුලිය කප්පාදු නොකරන බවට ප්‍රකාශයක් දී තිබියදීත් තවදුරටත් විදුලිය කප්පාදුව සිදු වන්නේ නම් එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවයි. ඒ ගැන සොයාබලා නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි ද අමාත්‍යයවරයා අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් .

”විදුලිය කප්පාදු කරන්න එපා කියල අතිගරු ජනාධිපතිතුමාත් ආණ්ඩුවත් නිලධාරීන්ගේ රැස්වීමේදී වචනයක් දුන්නා. දැන් කැපෙන්නේ ඇයි කියල හොයන්න ඕනේ. එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් නම් ඒ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. මොකද මිටීමකට ඇවිල්ලා අපි විදුලිය කප්පාදු කරන්නේ නැහැ අවශ්‍ය දේවල් තියෙනවා අපිට තෙල් ටික දුන්නම ඇති කියල පහුවදාට ගිහින් විදුලිය කපනවා නම් එතන ගැටළුවක් තිබෙනවා. එතන යම්කිසි සැඟවෙච්ච කුමන්ත්‍රණයක් තියෙනවා. මේ පිළිබඳව දැඩි තීන්දු ගත යුතුයි. විශේෂයෙන් පිළිගත යුතු කාරණාව මේ කාල සීමාව තුළ ජනතාව ආර්ථික වශයෙන් ජනතාවට අපහසු කාල සීමාවක්. ඒ වගේම තමයි ලෝකයේ තිබෙන තත්ත්වයත් එක්ක අද මේ රටෙත් ලෝකේ හැම රටකම වගේ භාණ්ඩ වල හිඟයක් තිබෙනවා. ඉතින් මේ අර්බුදය විසඳන්න ආණ්ඩුවක් විදිහට මැදිහත් වෙලා තිබෙනවා. ඒවගේම තමයි අවශ්‍ය තීන්දු තීරණ සියල්ලම ගන්න ආණ්ඩුව පසුබට වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ මේක අමාරු කාලයක්. ගෝලීය වසංගතයක් එක්ක පැනනැගුණු ගෝලීය අර්බුදයේ කොටසක්. ඒ වගේම රටවල් දෙකක් ගහගන්නත් පටන් අරන්.මේ විදිහට දැවැන්ත රටවල් යුද්ධ කරන්න පටන් ගත්තම එකේ අවසානයේ හිරවෙන්නේ අපි වගේ සංවර්ධනය වෙමින් පවතින රටවල්. සංවර්ධිත රටවලටත් මේක මේ විදිහට බලපානවා නම් අපේ රටවලටත් ඒක බලපානවා.” යනුවෙන් පැවසුවේය.



One thought on “තවදුරටත් විදුලිය කපන්නේ නම් එය කඩාකප්පල්කාරී ක්‍රියාවක්- ක්‍රීඩා අමාත්‍යය නාමල් රාජපක්ෂ”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More