ඇමැති ධුරවලින් ඉවත් කෙරුණු විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන් පැමිණෙනු ඇතැයි බොහෝ දෙනකු බලාපොරොත්තුවෙන් සිටියද එම දෙදෙනා පාර්ලිමේන්තුවට අද (8) නොපැමිණියහ.
එසේම ඇමැති ධුරයේ රාජකාරී කටයුතුවලින් ඉවත්ව සිටින වාසුදේව නානායක්කාර මහතාද පාර්ලිමේන්තුවට ඊයේ නොපැමිණියේය.
මේ අතර අලුතින් පත්වූ ඇමැතිවරුන් මැතිසබයේ ඉදිරි පෙළ අසුන්ගෙන සිටිනු දැකගත හැකිවිය.
කර්මාන්ත අමාත්‍ය ධූරයට අලුතින් පත් කෙරුණු එස් බී දිසානායක මහතා ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ දෙවැනි ආසනයේ අසුන් ගෙන සිටි අතර ප්‍රවාහන අමාත්‍ය ධූරයට අලුතින් පත් කෙරුණු දිලුම් අමුණුගම මහතා ආණ්ඩු පක්ෂයේ දෙවැනි පේළියේ 30 වැනි ආසනයේ අසුන්ගෙන සිටිනු දැකගත හැකිවිය.
දිලුම් අමුණුගම සහ එස් බී දිසානායක යන මහත්වරුන් අසලට පැමිණි සහෝදර මන්ත්‍රීවරු එම දෙපළට සුභ පැතුම් පිරිනැමූහ.
විමල් වීරවංශ මහතා වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ 73 වැනි ආසනයද උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ 78 වැනි ආසනයද වෙන්කර තිබෙනු දැකගත හැකි විය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...