විදුලි බලය සංරක්ෂණය කිරීමේ පියවරක් ලෙස මාර්තු 31 වනදා දක්වා තම බල ප්‍රදේශ වල සවිකර ඇති වීදි ලාම්පු නිවා දමන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා පවසා සිටියේ මුදල් අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට, කණ්ඩායම් නායකයින්ට සහ විපක්ෂ නායකයින්ට ලිපියක් මගින් තමන් බලය හොබවන පළාත් පාලන බල ප්‍රදේශ වල වීදි ලාම්පු මාතු 31 වනදා දක්වා නිවා දැමීමට කටයුතු කරන ලෙස ඉල්ලා ඇති බවයි.
ජල විදුලි නිෂ්පාදනය පහත වැටීම, ඉන්ධන මිල ඉහළ යාම සහ ඩොලර් හිඟය හේතුවෙන් පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් පවතින අභියෝගාත්මක තත්ත්වය කළමනාකරණය කර ගැනීමට ඇති ප්‍රධාන විකල්පය වන්නේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම බව එම ලිපියේ සඳහන් වන බව සාගර කාරියවසම් මහතා පවසා සිටී.
එම ආදර්ශය සමාජයට ගෙන ඒම සඳහා අද සිට මාර්තු 31 දක්වා තම තමන්ගේ ප්‍රදේශයේ වීදි ලාම්පු නිවා දමා විදුලි බලය නිපදවීමට වැය වන ඉන්ධන ඉතිරි කර ගැනීමට කටයුතු කරන ලෙස එම ලිපිය මගින් මුදල් ඇමතිවරයා ඔවුන්ගෙන් ඉල්ලා සිටි බව සාගර කාරියවසම් මහතා පවසා සිටී.
මීට අමතරව මුදල් ඇමතිවරයා එම ලිපිය මගින් සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට අවම බලපෑමක් ඇති කරමින් විදුලිය ඉතිරි කර ගැනීමට වෙනත් විකල්ප ක්‍රම ක්‍රියාත්මක කරන ලෙසද පලාත් පාලන ආයතන ප්‍රධානීගෙන් ඉල්ලා අති බවද කාරියවසම් මහතා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...