ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික පෙරහැරේ දළදා කරඬුව රැගෙන යන ‘නදුන්ගමුව රාජා’ ඇතා දැයෙන් සමුගැනීමත් සමඟ ඇතාගේ දේහයට අවසන් බුහුමන් දැක්වීමට වැලිවේරිය නැදුන්ගමුවට අද (මාර්තු 07) පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ‘නැදුන්ගමුව රාජා’ ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත් කළේය.
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය ඉතිහාසයේ මෙතෙක් සර්වඥ ධාතු කරඬුව වැඩිම වාර ගණනක් වැඩම කරවූ ‘නදුන්ගමුව රාජා’ ඇතා වයස අවුරුදු 69ක් ආයු වළඳා අද අලුයම මිය ගියේය.
ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක අනුව හස්තියාගේ මළ සිරුර අනාගත පරපුරට නැරඹීම සඳහා සංරක්ෂණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා වෙත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇත. .
මේ වන විටත් ජාතික කෞතුකාගාරයට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක් ඇතා ජීවත් වූ ගම්පහ වැලිවේරිය නැදුන්ගමුවට පැමිණ සිටින බව වාර්තා වේ.
නඳුන්ගමුව රාජා, ශ්‍රී ලංකාවේ මෙත්ක් ජීවත්වූ උසම හීලෑ දළ ඇතා වන අතර උසින් අඩි 10.5 (මීටර් 3.2) පමණ වේ. නැදුන්ගමුවේ රාජා වසර 12ක් තිස්සේ ඇසළ පෙරහැරේ දළදා කරඬුව වැඩම කර තිබෙන බව දළදා මාලිගාවේ වාර්තා පවසයි.
දිවයින පුරා පිහිටි රජමහා විහාරස්ථාන වල පැවැත්වෙන පෙරහැර වලට සහභාගි වීම සඳහා ප්‍රධාන මාවත් දිගේ ඇවිද යන නැදුන්ගමුවේ රාජාට ආරක්‍ෂාව සැපයීමට රජය විසින් හමුදා භට පිරිස් යොදවා තිබුණි. ඒ අනුව තමාගේම වූ සන්නද්ධ ආරක්‍ෂක භටයන් පිරිස් සිටි ශ්‍රී ලංකාවේ ජීවත් වූ එකම හස්ති රාජයා නැදුන්ගමුවේ රාජා බව වැලිවේරිය ප්‍රදේශවාසිහු පවසති,
මහනුවර අති පූජනීය ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැරේ සර්වඥ ධාතු කරඬුව වැඩම කරවීමට තෝරා ගත් ඇතුන් කිහිප දෙනාගෙන් කෙනෙකු වූ රාජා මෙතෙක් නිල නොවන ජාතික වස්තුවක් ලෙස ශ්‍රී ලංකා වාසිහු සැලකූහ.
ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැරට සහභාගි වීම සඳහා රාජා කිලෝමීටර් 90 ක් පමණ දුරක් ගෙවා මහනුවර නගරයට වාර්ෂිකව පැමිණෙන අතර ‘නැදුන්ගමුවේ රාජා’ එම ගමනේදී දිනකට කිලෝමීටර් 25ත් 30ත් අතර දුරක් ඇවිද ගිය අතර රාත්‍රී කාලයේ සිසිල් කාලගුනය පවතින විට වැඩි වශයෙන් ගමන් කිරීමට කටයුතු සම්පාදනය කර තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...