අද පැවැත්වීමට නියමිත ජිනීවා මානව හිමිකම් සමුළුවේ සමාප්ති සැසියේදී යුක්‍රේන අර්බූදය පිළිබඳ සංවාදයට කාලය වෙන් කිරීම නිසා ශ්‍රී ලංකාව පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ඉතා කෙටි කාලයකට සීමා කර ඇති බව වාර්තාවේ.ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කිරීම සැප්තැම්බර් සැසිය දක්වා කල් දැමෙන බවද වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා නිලධාරින්ට එරෙහිව යුද අපරාධ චෝදනා සහ සාක්ෂි ගොනු කිරීම සඳහා පිහිටවූ ජාත්‍යයන්තර යාන්ත්‍රණයේ වාර්තාව සැප්තැම්බර් සැසිය මුල් කරගෙන ඉදිරිපත් කෙරෙන බවද වාර්තාවේ.
ඒ අතර මෙවර සැසියේදී ඉන්දියාව මහ කොමසාරිස්ගේ වාර්තාව අනුමත කරමින් අදහස් දක්වා ඇති අතර ඉන්දියානු නිත්‍යය නියෝජිතයා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ රජය 13 වැනි ව්‍යයවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කළ යුතු බව සහ පළාත් සභා මැතිවරණය වහාම පැවැත්විය යුතු බවයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...