දේශීය පුවත්

විදේශ අමාත්‍යය ජී එල් පීරිස් මහතාගේ ඉන්දියානු සංචාරය සිදු කිරීමට නම් ලංකා විදුලි බල මණ්ඩලය සතු සියළු බලාගාර ඉදිරි වසර 10ක් සඳහා ඩීසල් සැපයීම IOC සමාගමට පවරන මෙන් නව කොන්දේසි ඇතුලත් කර ඇති බව වාර්තාවේ.

මේ අතර ඉන්දියාව ශ්‍රී ලංකාවට සපයනවා යැයි කියූ ඩොලර් බිලියන 01 භාන්ඩ මිලට ගැනීම සඳහා වන ණය සහනය ලබා දීම ප්‍රමාද කර මුදල් අමාත්‍යය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දියානු ගමන සාර්ථක කර ගැනිමට නම් ඉදිරි වසර 10ට ඩීසල් බලාගාර වලට අවශ්‍ය ඩීසල් IOC සමාගමෙන් මිළදී ගැනීම කළ යුතු බවට නව කොන්දේසි පනවා අ ඇති බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

මීට සමාන්තරව බැසිල් රාජපක්ෂ මහ්තාගේ ආර්ථික ප්‍රතිපත්තිය මත විදෙස් ගත ශ්‍රමිකයන් විසින් මෙරටට මාසයකදී එවන ඩොලර් බිලියන 7.1ක මුදල මාසිකව ඩොලර් මිලියන 250-275 දක්වා අඩු වී ඇති බවද ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

මුදල් අමාත්‍යය බැසිල් රාජපක්ෂ මහතාගේ සෘජු මැදිහත් වීම මත, යහපාලන සමයේදී ඇතිකළ තෙල් මිළ සුත්‍රය අහෝසි කර දිගින් දිගටම බොර තෙල් මිළ ඉහළ යාමේදී මිළ ගැලපුම මුදල් අමාත්‍යංශය පැත්තෙන් ක්‍රියාත්මක නොකර දවසකට බිලියන 2 පමණ පාඩුවක් සිදු වෙන මට්ටමට ඛණිජ තෙල් සංස්ථාව සහ විදුලි බල මංඩලය පත්කර ඇති බවද ආර්ථික විද්‍යාඥයෝ පවසති.

මේ සම්බන්ධයෙන් නම හෙළි කිරීමට අකමැති වූ මහ බැංකුවේ හිටපු ඉහළ නිලධාරියෙකු ලංකා ලීඩ් වෙත අද්හස් දක්වමින් ” ඉන්දියාව මීයක් කඩන්නේ අත ලෙවකන්නට නොවෙයි.ඉන්දියාව මුදල් අමාත්‍යය බැසිල් රාජපක්ෂ මහතාගේ අසාර්ථක මුල්‍ය පාලනය තුළින් උපරිම වාසිය ලබා ගැනීමට කටයුතු කරනවා. ලංකාවට සත්‍ය වශයෙන්ම උදව් කළ යුතු වෙලාව මග හරිමින් දුර්වලම අවස්ථාවේදී උපරිම වාසිය ලබා ගැනීමට කටයුතු කරමින් සිටිනවා. මුදල් අමාත්‍යය බැසිල් රාජපක්ෂ මහතගේ මේ ඉන්දීය වන්දනාත්මක ආර්ථික දැක්ම ඇතුලේ අපට සිටින හොඳම ආර්ථිකමය මිතුරා වන චීනය අපෙන් ඈත් වෙමින් සිටිනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ඉන්දියානු සහ ඇමරිකානු බලපෑමට එරෙහිව සාර්ථක ආර්ථිකමය ජයග්‍රහණයන් ලබා ගන්නට චීනයෙන් උදව් ගත්තා. නමුත් යහපාලන සමයේ මෙන්ම ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේත් චීනය ලංකාවෙන් දුරස් වෙමින් සිටිනවා . ආර්ථිකමය වශයෙන් දුර්වල වූ පාකිස්ථානයේ 2022 වර්ෂයට අදාලව ඩොලර් බිලියන 05 කට වඩා චීනය නව ආයොජන වලට එළ⁣ඹෙන විට, චීනය ලංකාවේදී 2022 වර්ෂයට අදාලව එක ඩොලරයක නව ආයෝජනයකට එළඔ නැහැ. අනෙක් අතින් දිගින් දිගටම ලංකාව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරිම් වල පහල වැටීම නතර කරගන්නට මුදල් ඇමතිවරයාට හැකියාවක් ලැබී නැහැ. ඊට නොදැවෙනි ආකාරයට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතාට සියළු ජාතික සහ ජාත්‍යන්තර සංචිත වල පහළ වැටීම වලක්වා ගන්න නොහැකිව තිබෙනවා. එහෙත් ඔහු සාර්ථකයි කීමට දේශීයව දැවැන්ත ප්‍රචාරණාත්මක ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා.” යනුවෙන් පැවසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More