දේශීය පුවත්

ශ්‍රී ලාංකේය සිනමාවේ සහ රූපවාහිනියේ ප්‍රවීණ රංගන ශිල්පයෙකු සහ විකට නළුවෙකු වූ බර්ටි ගුණතිලක මහතා ඊයේ(මාර්තු 06) උදෑසන අභාවප්‍රාප්ත විය.

කහවත්ත මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගුණතිලක මහතා අභාවප්‍රාප්ත වන විට 98 වැනි වියේ පසුවිය.

1924 අගෝස්තු 02 වැනි දින මහනුවර අම්පිටියේදී උපත ලැබූ ගුණතිලක මහතා මහනුවර අම්පිටිය ප්‍රාථමික විද්‍යාලයේ, මහනුවර ශ්‍රී සංඝරාජ මහා පිරිවෙනේ සහ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ආදි ශිෂ්‍යයෙකි.

බර්ටි ගුණතිලක මහතාගේ ප්‍රථම රජයේ රැකියාව වන්නේ සහකාර ගුරු තනතුරයි. ඒ කුලියාපිටිය ගල්පොල විද්‍යාලයේ ශහ්කාර ගුරුවරයෙකු ලෙස ලැබුණු පත්වීමයි..

1947 දී ඔහු ‘ළමා පිටිය’ වැඩසටහන හරහා “රේඩියෝ සිලෝන්” සමඟ සම්බන්ධ වූ අතර, රේඩියෝ සිලෝන් විකාශය කළ ඔහුගේ ‘විහිළු තහළු’ නම් වූ විකට වැඩසටහන 1954 වර්ෂයේ සිට ජනප්‍රිය විය.

1951 දී බර්ටි ගුණතිලක රංගනයෙන් දායක වූ ‘බණ්ඩා නගරයට පැමිනිම’ චිත්‍රපටය තිරගත වූ අතර පසුව ඔහු ‘පෙම් මල් මාල’, “පාලම යට”, ‘මන මෝහිනී’, ‘සොමි බෝයිස්’ ඇතුළු තවත් චිත්‍රපට කිහිපයකම විකට චරිත නිරූපණය කරමින් රංගනයින් දායක විය.

ඔහු වසර ගණනාවක් ජාතික රූපවාහිනියේ විකාශය වූ ‘විනෝද සමය’ රූපවාහිනි විකට වැඩසටහන් මාලාවේ නිරූපණය කළ බොහෝ හාස්‍ය චරිත හරහා ප්‍රේක්ෂක සම්මානය ලබා ගත්තේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More