ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කරන ලද නවතම විගණන වාර්තාවට අනුව ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2017 වසරේ සිට පුනර්ජනනීය බලශක්තිය මිලදී ගැනීමේ ගිවිසුම් අත්හිටුවා ඇති බව කියවේ.
ඒ අනුව සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් බලපත‍්‍ර සහ තාවකාලික අනුමැතිය ලබාදී ඇති කුඩා ජලවිදුලි බලාගාර, සූර්ය බලාගාර සහ සුළං බලාගාර ආදී නව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන්හි ආයෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටි නව ආයෝජකයින්ගේ ව්‍යාපෘති 1374ක් නතර වී ඇතැයි ද එම වාර්තාවේ දැක්වෙයි.
එම ව්‍යාපෘති 1374න් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 4014.84ක විදුලියක් උත්පාදනය කිරීමට නියමිතව තිබුණු බවද එම වාර්තාවේන් පැවසේ. ලංකා විදුලි බල මණ්ඩලය විසින් 2017 වසරේ සිට තරගකාරී මිල කැඳවුම් ක‍්‍රමයට යොමුවීම නිසා මෙම පුනර්ජනනීය බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුම් අත්සන් කිරීම අත්හිටුවා ඇති බව ලංකා විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...