දේශීය පුවත්

ඊයේ (04 දා) දහවල් මහ බැංකු මූලස්ථානයේදී පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පවසා සිටියේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩවල බදු වැඩිකිරීම, ඉන්ධන සහ විදුලි ගාස්තු වැඩිකිරීම ඇතුළුව රජය වහාම ක‍්‍රියාත්මක කළ යුතු ප‍්‍රධාන කරුණු අටකින් සමන්විත ආර්ථික ප‍්‍රතිපත්ති පැකේජයක් රජයට ඉදිරිපත් කරන බවයි.

පවතින ආර්ථික අර්බූදයෙන් මිදීමට නම් රජය විසින් මේ ඒකාබද්ධ ප‍්‍රයත්නයන් කඩිනමින් ක‍්‍රියාත්මක කළ යුතු බවද මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේය.

ඒ අනුව රජයේ ආර්ථික හා මූල්‍ය උපදේශක  ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා පහත සඳහන් කරුණු කඩිනමින් සලකා බලන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ද කබ්රාල් මහතා පැවසීය.

එම කරුණු අට නම්,
1) මහ බැංකුව විසින් පෙර සිදු කරන ලද නිර්දේශ මත පදනම්ව අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන ආනයන අධෛර්යවත් කිරීමට ක‍්‍රියාමාර්ග හඳුන්වා දීම.
2)පිරිවැය පිළිබිඹු කිරීම සඳහා කඩිනමින් ඉන්ධන මිල සහ විදුලි ගාස්තු වැඩි කිරීම.
3) විදේශ පේ‍්‍රෂණ සහ ආයෝජන තවදුරටත් දිරිගැන්වීම.
4)පුනර්ජනනීය බලශක්ති කරා කඩිනමින් යොමු වන අතරම බලශක්ති සංරක්‍ෂණ ක‍්‍රියාමාර්ග ක‍්‍රියාත්මක කිරීම.
5) තිරසාර පදනමක් මත සුදුසු බදු වැඩිකරීම් හරහා රජයේ ආදායම ඉහළ නැංවීම.
6)කඩිනමින් විදේශ මුල්‍යය සහ ණය නොවන විදේශ විනිමය ලබා ගැනීම.
7) උපායමාර්ගික නොවන සහ ඌන උපයෝගී වත්කම් කඩිනමින් අලෙවි කිරීම.
8) අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන ප‍්‍රාග්ධන ව්‍යාපෘති කල් දැමීම.

මෙම අට වැදෑරුම් වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කරන ලෙස රජයට මහ බැකුව විසින් නිර්දේශ කරන බව ඒ මහතා පැවසුවේය. ඉහත ක‍්‍රියාමාර්ග රට මුහුණදී සිටින අභියෝගාත්මක ආර්ථික තත්ත්වයෙන් මිදීම සඳහා සහ කොවිඞ් වසංගතය ආශ‍්‍රිතව ගනු ලැබූ ප‍්‍රතිපත්ති ලිහිල් කිරීම්වලින් විචක්ෂණශීලීව ඉවත්වීම සඳහා ඒකාබද්ධ ප‍්‍රවේශයක් ක‍්‍රියාත්මක කිරීම සහතික කරනු ඇති බවද ඒ මහතා අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More