ඇමති ධුරවලින් ඉවත් කිරීමනේ පසු අද කොළඹදී පවත්වන විශේෂ මාධ්‍ය හමුවක් අමතමි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසා සිටියේ අද ඇත්තේ බලය පිළිබඳ ප්‍රශ්නයක් නොව එම බලය හයිජැක් කරන ලද අවලස්සන ඇමරිකානුවකු පිළිබඳ ප්‍රශ්නයක් බවය. 2015 පරාජයෙන් පසු මහින්ද සුළඟ සමගින් මේ පොළොවේ ජාතික බලවේගයට පණ දුන් අයට වඩා රට හැර පලා ගිය මිනිසුන් වටිනා බව මෙම තීන්දුව සමග ඔප්පු කර ඇතැයිද වීරවංශ මහතා අවධාරණය කළේය. අද වන විට ජනාධිපතිවරයා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උවමනාව මත නැටවෙන තත්ත්වයකට පත්ව ඇතැයි පැවසූ විමල් වීරවංශ මහතා අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පසුගිය ජනපතිවරණයේදී ජනපති අපේක්ෂකත්වයට පැමිණිමට සූදානමක් තිබුණ බවත් 2015 ජනපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසු විපක්ෂනායකම බලාපොරොත්තු වූ බවද පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් “බැසිල් රාජපක්ෂ මහතා හා ප්‍රතිපත්තිිමය ගැටුමක් තිබුණා. එය වරින් වර එළියට පැමිණියා. වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ අවස්ථාවේදීත් තම පවුල වෙනුවෙන් පෙනී සිටියා. බැසිල් රාජපක්ෂ මහතාගේ පාලනයට ජනපතිවරයාට නතු වී තිබෙනවා” යනුවෙන් වීරවංශ මහතා පැවසුවේය.
එම මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පළ කරමින්,
“ආර්ථිකය ගැන මෙලෝ හසරක් දන් නැති කෙනෙක් ආර්ථිකය මෙහයවීම නිසා ගැටලුවක් ඇති වෙන බව දැන දැනම කැබිනට් මණ්ඩලය තුළ කටයුතු කළා. අපිිව ඇමතිධුර වලිින් ඉවත් කිිරීම හරියට හඳී ආවාට පෙන්වන්නට ඇගිල්ල දිගු කළ විට ඇඟිල්ල කපා දැමිමක් කළා වගේ වැඩක්. මේ රට මෙවැනි තත්ත්වයට පත්කිරීමට කටයුතු කළ අය පිළබඳව ඉදිරියේදිි රට හමුවේ ලිිඛිිත සාක්ෂි සහිිතව ඉදිරිපත් කරනවා. ඇමෙරිිකානුවෙක් විසින් ශ්‍රීී ලංකාවේ ඉරණම තීරණය කරමින් සිිටිනවා. රට ඇමෙරිකාවෙන් නිදහස් කර ගැනීමේ සටන සිිදුකරීමට සිිදුව තිිබෙනවා. මම අමාත්‍ය මණ්ඩල ප්‍රකාශකයෙක් ලෙස සිටි කාලයේ සිදුවූ දේවල් රට වෙනුවෙන් හෙළි කරනවා. මේ රට 1997 දී ඉන්දුනීසිියාව තිබුණ තැනට අරගෙන යන්න හදනවා. අවලස්සන ඇමෙරිකානුවා මේ රට ඒ තැනට අරගෙන යන්නේ් අපිි නමුත් අපි ජනතාව සමග එකතු වෙලා අඳුරු ඉරණමින් රට බේරා ගන්න කළ යුතු සියලු දේ කරනවා.” යනුවෙන් පැවසුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...