දේශීය පුවත්

යුගදනවි බලාගාර කොටස් හුවමාරු ගිවිසුමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 5ම ඉදිරියට ගෙන යාමට අවසර දීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරනු ලැබීය.

අද පෙරවරුවේ අදාල පෙත්සම් පහ විභාගයට ගත් අවස්ථාවේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ එල්.ටී.බී දෙහිදෙණිය යන විනිසුරුවරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

පෙත්සම් විභාගය සඳහා වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් නොකිරීමට විනිසුරු මඩුල්ල තීරණය කළ බව අගවිනිසුරුවරයා පැවසීය. ඒ අනුව අදාළ පෙත්සම් සළකා බැලීමකින් තොරව බල රහිත කරන ලදී.

යුගදනවි බලාගාර කොටස් හුවමාරු ගනුදෙනුවට එරෙහිව පෙත්සම් ගොනු කළ අමාත්‍යවරුන් තිදෙනා කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩ කරමින් කටයුතු කර ඇති බව පසුගිය සතියේ නඩු විභාගයට ගත් අවස්ථාවේදි ශ්‍රේෂ්ඨාධිකරණයදී ප්‍රකාශයට පත් විය.

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස්වලින් 40%ක් ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගමට ලබාදීමට රජය ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ඊයේ සිය අමාත්‍ය ධුරවලින් ඉවත් කළ අමාත්‍ය වාසුදේව නානායක්කාර, හිටපු අමාත්‍යවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ ඇතුළු පාර්ශව පහක් පෙත්සම් ගොනු කර තිබුණ් ඉ.

එම කරුණු සලකා බැලීමෙන් තොරව ඒවා බල රහිත කරන ලෙස නීතිපති සංජය රාජරත්නම් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම ගිවිසුම හරහා දේශීය සම්පත් විදේශීය ආයතනවලට විකිණීමක් සිදු නොවන බව නීතිපතිවරයා ප්‍රකාශ කර තිබුණි. භාණ්ඩාගාරයේ තිබූ කොටස්වලින් 40%ක් එම සමාගම වෙත පැවරීම සිදුවී තිබෙන අතර නීතිපතිවර්යාට අනුව එම කොටස් හුවමාරුව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන නියමිත ක්‍රියා පටිපාටිය අනුගමනය කර ඇත.

ඉන් පෙත්සම් හතරක් ගොනු කර ඇත්තේ ගිවිසුම අත්සන් කර මාසයකට පසුව බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වැනි වගන්තිය අනුව මෙම පෙත්සම් සලකා බැලීමට අධිකරණයට බලයක් නොමැති බවත් නීතිපතිවර්යා පෙන්වා දී තිබිණි.

සෑම කැබිනට් අමාත්‍යවරයෙක්ම කැබිනට් මණ්ඩලයේ වගකීම ආරක්ෂා කිරීමට සහ පාර්ලිමේන්තුවට පිළිතුරු දීමට බැඳී සිටින බවත්, අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයකට එරෙහිව උසාවියට ​​පැමිණ ගම්මන්පිල, වීරවංශ සහ නානායක්කාර මෙම සාමූහික වගකීම කඩ කර ඇති බවත් නීතිපතිවර්යා සඳහන් කළේය.

සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම්වරයා ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වමින් නීතිපතිවරයා කියා සිටියේ, “2015 සිට 2019 දක්වා කාලය තුළ කටාර් දකුණු කොරියාව, ජපානය සහ ඉන්දියාව වැනි රටවල් සමඟ ළ්ණ්ඝ් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට එවකට කැබිනට් මණ්ඩලයට යෝජනා ඉදිරිපත් කර තිබුණා. . පෙත්සම්කාර රංජිත් මද්දුම බණ්ඩාර එම අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක්. එම කාලය තුළ ඔහු ව්‍යාපෘතියට විරුද්ධ වූයේ නැත. නමුත් ඔහු දැන් අදාළ ව්‍යාපෘතියට අදාළව පෙත්සමක් ගොනු කර තිබෙනවා. එදා හොඳ ව්‍යාපෘතිය දැන් හොඳ නැත්තේ ඇයි කියන එක ගැටලු සහගතයි.” යනුවෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More