විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යයවරුන් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමෙන් පසු ජල කළමනාකරණ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වනු ඇති බව ඒ මහතාට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි.
ආණ්ඩුවේ සෙසු පක්ෂ විසින් පෙරේදා ශ්‍රී ජයවර්ධනපුරදී පවත්වන ලද සමුළුවේ වේදිකාවේ අසුන් ගත් කැබිනට් ඇමතිවරු තිදෙනාගෙන් දෙදෙනෙකු ඉවත් කර වාසුදේව නානායක්කාර මහතා පමණක් ධුරයෙන් ඉවත් කළේ නැත.
තවද ඒම රැස්වීමට සහභාගි වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත මහතා ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම් සඳහා නො කැඳවීමට තීරණය කර ඇති බවද වාර්තාවේ.
පසුපෙළ කණ්ඩායමේ අනුදැනුමකින් තොරව මෙවන් රැස්වීම්වලට සහභාගී වීම මෙම ක්‍රියා මාර්ග ගැනීමට හේතු වී ඇති බව කියවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...