දේශීය පුවත්

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඔවුන්ගේ අමාත්‍ය ධුරවලින් ඉවත් කර ඇති බව වාර්තා වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල යටතේ ජනාධිපතිවරයා අද (03) සවස සිට ක්‍රියාත්මක වන පරිදි එම මන්ත්‍රීවරුන් දෙදෙනා කැබිනට් අමාත්‍ය ධුරවලින් ඉවත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය.

මීට පෙර කැබිනට් මණ්ඩලයේ ප්‍රධාන තනතුරු කිහිපයක් සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව වාර්තා විය.

අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙතෙක් දැරූ බලශක්ති අමාත්‍යධූරයෙහි තමන් දිවුරුම් දුන් බව මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටි අතර ප්‍රවාහන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මීට පෙර ඇය දැරූ අමාත්‍යය ධූරය වන නව විදුලිබල අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන් බව ද අමාත්‍ය ලොකුගේ මහතා අනාවරණය කළේය.

ඔහු වැඩිදුරටත් මාධ්‍යය වෙත අදහස් දකවමින් සභානායක දිනේෂ් ගුණවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක යන අමාත්‍යයවරු පැමිණ සිටි නමුදු ඔවුන්ට නව අමාත්‍ය ධූර ලැබුණේ දැයි තමන් නොදන්නා බව පවසා සිටියේය.

පවිත්‍රා වන්නිආරච්චි මැතිනියගෙන් ඉවත් කළ ප්‍රවාහන අමාත්‍යය ධූරය රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා වෙත භාර දීමට නියමිත බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පත්කිරීමට නියමිත බවත් පොදු ජන එක්සත් පෙරමුණු ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා දැරූ කර්මාන්ත අමාත්‍ය ධූරය සභානායක මෙන්ම වත්මන් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත පැවරීමට නියමිත බවද ජනාධිපති ලේකම් කාර්යාලයට සම්බන්ධ ආරංචි මාර්ග පවසා සිටී.

https://youtu.be/UfrIGNf2Xe4?t=2

https://youtu.be/FFdcSieFaRE



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More