දේශීය පුවත්

රට තුළ මේ වන විට ඇති වී තිබෙන ඉන්ධන හිඟය හේතුවෙන් ඉන්ධන පිරවුම් හල් අසල මහජනයා පෙළ ගැසී සිටීම නිසා ඇතිවන කළහාකාරී සිදුවීම් වළක්වා ගැනීමට කටයුතු කරන ලෙස පොලිස්පතිවරයා විසින් සියළුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇති බව වාර්තාවේ.

පොලිස්පතිවරයා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් පවසා සිටින්නේ කෘෂිකර්මාන්ත කටයුතුවලට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට ගැලුම් රැගෙන එන ජනතාව වෙත බාධාවකින් තොරව ඉන්ධන ලබා ගැනීම සදහාත්, සංචාරකයන් ගෙන යන රථ, ගිලන්රථ, ගිනි නිවීමේ රථ, රෝගී ප්‍රවාහනය කරන රථ වලට ඉන්ධන ලබා දීමේදී ප්‍රමුඛතාව ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

ඉන්ධන පිරවුම් අසල ඉන්ධන ලබා ගැනීමට පෝලිම් පවතින අවස්ථාවල එම තදබදය නිම වන තෙක් පොලිස් නිලධාරියෙකු යෙදවිය යුතු බවත් පොලිස්පතිවරයා අදාළ චක්‍රලේඛය මගින් දැනුම් දී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More