දේශීය පුවත්

මෙවර 49 වැනි ජිනීවා මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාවට එරෙහිව කොමසාරිස්වරිය විස්න් ඉදිරිපත් කළ පිටු 17ක චෝදනා පිළිබඳව ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතාගේ පිළිතුර ඔහුගේ වචනයෙන්,

“මෙවරත් ඉදිරිපත් කරන්නේ 25/1,30/1,34/1,40/1,46/1 යෝජනා ඉදිරිපත් කරද්දී එල්ල කළ චෝදනාම තමයි.විශේෂයෙන් අමතරව තිබෙන්නේ පාස්කු ප්‍රහාරයට අදාළව ආණ්ඩුවට එරෙහිව එල්ල වන චෝදනා තමයි.නමුත් මෙවර චෝදනා එල්ල කිරීමෙන් පසුව ගෙන ඒමට නියමිත 49/1 යෝජනාව ඉන්දියාවේ මැදිහත් වීමෙන් ශ්‍රී ලංකාවේ එකඟතාවය ඇතිව ගෙන ඒමට ඉඩ තිබෙනවා. එහෙම වුනොත් අනිවාර්යෙන්ම 13 වැනි ව්‍යයවස්ථා සංශෝධනය බලාත්මක කිරීමේ යෝජනාව අවධාරණය කෙරෙන බවට සැකයක් නැහැ.මේ වන විට ඉන්දියාව ශ්‍රී ලංකාවට බැරි අමාරු වෙලාවේ ඩොලර් බිලියන 2.4ක් ණය දීල ඒ උදව්වට හිලව්වෙන්න කේවල කිරීමක් කරන බවට සැකයක් නැහැ. ආණ්ඩුවත් කියල තියෙනවානේ ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කරල යුද අපරාධ චෝදනා වලින් ගැලවෙන්න උත්සහා කරණ බව. ඒ නිසා තත්වය බැරෑරුම්.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More