දේශීය පුවත්

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ(28) පවසා සිටියේ අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල වලින් සමන්විත රුසියාවේ ගොඩබිම් ඒකක මෙන්ම උතුරු සහ පැසිෆික් බලඇණියේ යාත්‍රා දැඩි සටන් සීරුවෙන් තබා ඇති බවයි. රුසියානු නාවික හමුදාවට න්‍යෂ්ටික මිසයිල වලින් සන්නද්ධ සබ්මැරීන තිබෙන බව රුසියානු ආර්කෂක අමාත්‍යාංශය පවසයි.

ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් පෙබරවාරි 27 වනදා නිකුත් කරන ලද නියෝගයට අනුව මෙම පියවර ගත් බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ(28) අවධාරණය කළේය.

අමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමයේ සාමාජික රටවල් ඇතුළු බොහෝ රටවල් රුසියාව විසින් යුක්රේනයේ සිදු කරන මිලිටරි මෙහෙයුමට ප්‍රතිචාර වශයෙන් දැනටමත් රුසියාවට එරෙහිව දැඩි සම්බාධක පනවා ඇත.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන ජනාධිපති පුටින් ප්‍රකාශයක් කරමින් රුසියාවට එරෙහි “නීත්‍යානුකූල නොවන සම්බාධක” සහ බටහිර නිලධාරීන්ගේ “ආක්‍රමණශීලී ප්‍රකාශ” උපුටා දැක්වීය.

2014 කියෙව්හි කුමන්ත්‍රණයෙන් ටික කලකට පසු යුක්රේනයෙන් බිඳී ගිය ඩොනෙට්ස්ක් සහ ලුගාන්ස්ක් මහජන සමූහාණ්ඩුව ආරක්ෂා කිරීමට පසුගිය බ්‍රහස්පතින්දා(24) උදෑසන දියත් කරන ලද ප්‍රහාරය අවශ්‍ය බව මොස්කව් පාලනයේ මතය වන්නේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More