රුසියාව විසින් යුක්‍රේනයට එරෙහිව සිදු කරන ප්‍රහාරයන් දිගටම සිදුවන අතර තුර, කියෙව් සහ මොස්කව් පාලනය වෙනුවෙන් සාම සාකච්චා සඳහා සහභාගි වන මැදිහත්කරුවන් අද(28) බෙලාරුස් වේලාවෙන් මධ්‍යහනයේදී බෙලාරුස් දේශ සීමාවේදී සාම සාකච්ඡා ආරම්භ කළහ.
ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කිගේ කාර්යාලයේ ප්‍රකාශයකට අනුව යුක්‍රේනයේ ආරක්ෂක අමාත්‍ය ඔලෙක්සි රෙස්නිකොව්ගේ නායකත්වයෙන් යුත් කියෙව්ගේ දූත පිරිස, , “ක්ෂණික සටන් විරාමයක් සහ යුක්‍රේනයෙන් හමුදා ඉවත් කර ගැනීම” අපේක්ෂා කරන බව පැවසූ බව විදෙස් මාධ්‍යය වාර්තා කර සිටියේය.
යුද්ධයේ පස්වන දිනය උදාවෙද්දී, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ සිය න්‍යෂ්ටික හමුදාවන් දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කළේය. ඒ සම්බන්ධයෙන් දැඩි කනස්සලෙන් පසුවන යුක්‍රේන පාලනයට අත්විඳින්නට ලැබුණේ යුක්‍රේනය පුරා ප්‍රහාර ගුවන්යානා වල සයිරන් නාදයන් වූ අතර, කියෙව්, කාර්කිව්, ෂයිටොමියර්, සපොරිෂියා සහ චර්නිහිව් නගරවලට ගුවන් ප්‍රහාර එල්ල වූ බවද කියවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...