‘‘සෞඛ්‍ය වෘත්තීය සමිති මාර්තු 02 හා 03 දිනවල වැඩ වර්ජන හා උද්ඝෝෂණ කරනවා කියලා කියනවා. ඒ අය එහෙම කරනවා නම් සමස්ත රෝගී ජනතාවට සිදුවන අසාධාරණය වෙනුවෙන් ඒ අය ඉස්සරහට ගිහින් අපි උද්ඝෝෂණ කරනවා’’ යැයි රෝගීන්ගේ අයිතිවාසිකම්
සුරැුකීමේ ජාතික සංවිධානයේ සභාපති ධම්මික එදිරිසිංහ මහතා ඊයේ (27 දා) පැවසීය.
එසේම මෙලෙස රෝගී ජනතාව දිගින් දිගටම පීඩාවට පත් කරමින් සෞඛ්‍ය වෘත්තීය සමිති ක‍්‍රියාත්මක කරන වැඩ වර්ජන, උද්ඝෝෂණ නීතියෙන් තහනම් කළ යුතු බව ද හෙතෙම කීය.
මෙහිදී තවදුරටත් කතා කළ ධම්මික එදිරිසිංහ මහතා මෙසේද කීය.
‘‘ජනතාව අන්ත අසරණ වෙලා ඉන්න වෙලාවේ තමන්ගේ ඉල්ලීම් දිනා ගන්න සෞඛ්‍ය වෘත්තීය සමිති රෝගී ජනතාව බිල්ලට අරගෙන වැඩ වර්ජන, උද්ඝෝෂණ කරනවා නම් ඒක ඉතාම අමානුෂිකයි. ඒකට එරෙහිව ඉතිහාසයේ පළමු වතාවට ඒ සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනයට එරෙහිව
රෝගීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි 02 වැනිදා පාරට බහිනවා. ඒ විතරක් නොවෙයි ඒ අය උද්ඝෝෂණය කරන්නේ කොතැනද අපි එතැනට ගිහින් ඒ අය ඉස්සරහ උද්ඝෝෂණ කරනවා. ඒ වගේම රෝගීන්ගේ අයිතිය වෙනුවෙන් නීතිය ඉදිරියට යෑමටත් අපි පැකිළෙන්නේ නැහැ. සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ වර්ජන නවතා දැමීම සඳහා අවශ්‍ය අණ පනත් රජය දැන්වත් ගේන්න ඕන.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...