ඇමෙරිකානු ඩොලර් බිලියනයක මූල්‍ය පහසුකමක් ශ‍්‍රී ලංකාවට ලබාදීම සඳහා ඉන්දියානු රජයේ අනුමැතිය ලැබී ඇති බවත්, ඒ සඳහා ඉතා ඉක්මනින් ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බවත් මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ඊයේ (27 දා) පැවසීය.
මේ මූල්‍ය පහසුකම මගින් ඉන්දියාවෙන් අපට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට හැකිවන බව ද මෙම මුදල ලැබෙන්නේ ඉන්දියාවෙන් තෙල් මිලදී ගැනීම සඳහා ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියනයට අමතරව බව ද ආටිගල මහතා කීවේය.
අත්‍යවශ්‍ය භාණ්ඩ ඉන්දියාවෙන් මිලදී ගැනීම සඳහා වන මේ ගිවිසුමට අත්සන් තැබීමට මෙරට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.
ඉන්දියාවෙන් අපට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා අලූතින් ලැබෙන මේ ඇමෙරිකානු ඩොලර් බිලියනයක මූල්‍ය පහසුකම සඳහා වන ගිවිසුම් අත්සන් කිරීමට ඉක්මනින් ඉන්දියාවට යෑමට නියමිත බව ද ඒ සඳහා තවමත් දිනයක් තීරණය වී නැති බව ද මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා තවදුරටත් ‘දිවයින’ට කීවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...