දේශීය පුවත්

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 49 සැසිවාරය හෙට සිට ආරම්භ වීමට නියමිත් අබව වාර්තා වේ. කෙසේ වුවද ලොකයේ වර්තමානයේ පවතින තත්වය හම්වේ යුක්රේන-රුසියා අර්බූදයට සැසිවාරයේ එහි ඉහලම ප්‍රමුඛතාව හිමිව ඇති අතර ශ්‍රී ලංකාව පිලිබඳ සාකච්ජා කිරීමට දෙවැනි ප්‍රමුඛතාව හිමිව ඇති බවද වාර්තා වේ.

මානව හිමිකම් කොමසාරිස් මිචල් බැචලේගේ අලුත්ම වාර්තාවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව බරපතල චෝදනා එල්ල කර ඇති අතර එවා අභූත චෝදනා ලෙස සැලකිය හැකි බව විද්වතුන්ගේ මතයයි. එම චෝදනා අතර රජයේ පාලනය මිලිටරිකරණය කිරීම, ත්‍රස්ත මර්දන පනත ජාත්‍යන්තර ප්‍රමිතියට සකස් නොකිරීම, පොලිස් අත්අඩංගුවේදී ඝාතන සිදුවීම, පාස්කු ප්‍රහාරයේ අවසාන වාර්තාව නිකුත් නොකිරීම, යුද අපරාධ චෝදනා එල්ල වූවන්ට එරෙහිව මෙතෙක් කටයුතු නොකිරීම, උතුරු සහ නැගෙනහිර බෞද්ධ පුරාවස්තු සංරක්ෂණය මගින් සුළු ජාතිකයන්ගේ හිත රිදවීම යන චෝදනා අඩංගුවේ.

මේ අතර ශ්‍රී ලංකාවට එරෙහිව තෙවැනි ජිනිවා යෝජනාවක් ද ගෙන ඒමට මහා බ්‍රිතාන්‍ය සහ තවත් රටවල් පහක් තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවට එරෙහිව එල්ලවන චෝදනා වලට පිළිතුරු සැපයීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් මහාචාර්ය ජීඑල් පීරිස්, ජනාධිපති නීතිඥ අලි සබ්රි, මහාචාර්ය චන්න ජයසුමන සහ විදේශ ලේකම් අද්මිරල් ජයනාත් කොළඹගේ යන මහත්වරු මේ වනවිටත් ජිනීවා බලා පිටත්ව ගොස් ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.

මේ අතර පාස්කු ප්‍රහාරය පිලිබඳ කරුණු දැක්වීමට මැල්කම් රංජිත් අගරදගුරුතුමා ද මානව හිමිකම් කොමසාරිස් මිචල් බැචලේ හමු වීමට නියමිත බව වාර්තා වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More