පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ බරපතළ බෙදීමක් නිර්මාණය වී තිබේ.
ජනාධිපතිවරයා විසින් කැදවා තිබූ විශේෂ කැබිනට් හමුවේ දී ඉන්ධන මිල සම්බන්ධයෙන් වූ සාකච්ඡාවේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ මහ බැංකු අධිපති අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අතර මෙම මත බෙදීම දක්නට ඇති ඇතිව තිබේ.
මහ බැංකු අධිපතිවරාගේ අදහස වී ඇත්තේ ඉන්ධන මිල ඉහල දැමිය යුතු බවත් එසේ නොකරන්නේ නම් රාජ්‍ය බැංකු පද්ධතිය ද එය දැඩිව බලපා කඩා වැටීමේ තත්වයකට පත්විය හැකි බවයි.
නමුත් මුදල් ඇමතිවරයා පෙන්වා දී ඇත්තේ ඉන්ධන මිල ඉහළ දමා ඉන් පීඩාවට පත්වන පිරිස් සඳහා නැවතත් රජයෙන් සහනාධාර දීමට වඩා ඉන්ධන මිල පවත්නා තත්ත්වයෙන් තබා ගැනීම ප්‍රායෝගික බවයි.
ඉන්ධන මිල වැඩි කිරීමට රජය ලබා ගන්නා මුදල් නැවතත් සහනාධාර දෙස ගෙවීමට සිදු වන්නේ නම් එම මිල නැංවීම ඵලක් නැති ක්‍රියාවක් බවද මුදල් අමාත්‍යවරයා පවසා ඇත.
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාද මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ද දැඩිව පෙන්වා දී ඇත්තේ තෙල් සංස්ථාව මෙන්ම රාජ්‍ය බැංකු පද්ධතිය ද ඉන්ධන අර්බුදය මත බරපතළ අවුලකට පත්ව සිටින බවයි.
ඇතිවූ මෙම තත්වය මත ඉන්ධන මිල පිලිබදව තීරණයක් නොගෙන විශේෂ කැබිනට් හමුව අවසන් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබින.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...