දේශීය පුවත්

මේ වන විට වතිකානුවේ සංචාරයක නිරතව සිටින මැල්කම් රංජිත් කාදිනල්තුමා හෙට (28 වැනිදා) සඳුදා එරට වේලාවෙන් පෙරවරු 10.00 අතිඋතුම් ප‍්‍රැන්සිස් පාප්වහන්සේ හමුවී පාස්කු ඉරිදා ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයේ වත්මන් තත්ත්වය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

පිටස්තර කිසිවකුගේත් සහභාගිත්වයෙන් තොරව අතිඋතුම් ප‍්‍රැන්සිස් පාප්වහන්සේ සහ කාදිනල්තුමා අතර පමණක් මෙම සාකච්ඡාව සිදු කෙරෙයි.

පාප් වහන්සේගේ ආරාධනාවකට අනුව වතිකානු සංචාරයේ නිරතව සිටින කාදිනල්තුමා අද (27 වැනිදා) ඉරිදා ප‍්‍රැන්සිස් පාප්වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් වතිකානු නුවර ශාන්ත පීතර දෙව්මැඳුරේ පැවැත්වෙන දේව මෙහෙයට ද සහභාගි වීමට නියමිතය.

එම දේව මෙහෙය සඳහා විදේශිකයන්, යුරෝපයේ වෙසෙන ශී‍්‍ර ලාංකික කිතුනු භක්තිකයන් රැසක් කාදිනල්තුමා සමග සහභාගි වන බව ඉතාලියේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයෙක් පැවසීය.

පාප්වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම දේව මෙහෙය සාමාන්‍යයෙන් විදෙස් මාධ්‍ය මගින් ආවරණය කරනු ලබන අතර එළැඹෙන ඉරිදා පැවැත්වෙන එම දේව මෙහෙයට විශාල පිරිසක් සහභාගි වීමට නියමිත බැවින් ජාත්‍යන්තර මාධ්‍යයේ එයට විශේෂ අවධානයක් යොමුවනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

මෙම දේව මෙහෙයෙන් පසු මධ්‍යහ්න 12.00 ට රැස්ව සිටින කිතුණු බැතිමතුන්ගේ සහ කාදිනල් හිමියන්ගේ සහභාගිත්වයෙන් පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා විශේෂ දේව කන්නලව්වක් සිදු කරන බව පාස්කු ප‍්‍රහාරය පිළිබඳ ගෝලීය සංසදයේ කැඳවුම්කරු ස්ටීවන් මලර් පැවසීය.

සඳුදා දිනයේ පාප් වහන්සේ මුණගැසීමෙන් අනතුරුව කාදිනල්තුමා බොහෝදුරට ජිනීවා නුවරට යනු ඇතැයි ද සඳහන් වේ.

ඉතාලියේ රෝම නුවර කි‍්‍රයාත්මක එක්සත් කිතුනු ශී‍්‍ර ලංකා පදනම මගින් කාදිනල්තුමා ජිනීවා නුවරට කැඳවාගෙන යෑම සඳහා කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.

මේ අතර යුරෝපයේ වෙසෙන ශී‍්‍ර ලාංකික කිතුනු ජනතාව සම්බන්ධීකරණය සඳහා පත්කර සිටින තුසිත සෝලංගආරච්චි පියතුමන් මෙවර පැවැත්වෙන 46 වැනි ජිනීවා මානව හිමිකම් සැසිය සඳහා එහි යෑමට සියලු කටයුතු සැලසුම් කර ඇත.

ජිනීවා යන තුසිත සෝලංගආරච්චි පියතුමන් එහිදී අතුරු සැසියකට සහභාගි වෙමින් පාස්කු ඉරිදා ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය සහ එහි වින්දිතයන්ට සාධාරණය ඉල්ලා අදහස් දැක්වීමට නියමිතව ඇත.

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය ජිනීවා මානව හිමිකම් කවුන්සිලය දක්වා යන ප‍්‍රථම අවස්ථාව ද මෙය වේ. තුසිත සෝලංගආරච්චි පියතුමන් එසේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ අදහස් දක්වන අතරේ කාදිනල්තුමා ජිනීවා නුවරට පැමිණයහොත් පාස්කු ප‍්‍රහාරය පිළිබඳව ජාත්‍යන්තරයේ ප‍්‍රබල අවධානයක් යොමු වීම අනිවාර්යයෙන්ම සිදුවන්නක් බව ජිනීවාහි ශී‍්‍ර ලාංකිකයෝ පවසති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More