දේශීය පුවත්

ඉදිරි මාසය ඇතුළත ගල්අඟුරු අඩංගු නෞකා අටක් මෙරටට ගෙනඒමට කටයුතු යොදා තිබුණත් ඊට අවශ්‍ය ඩොලර් මුදාහැරීමේ අභියෝගයකට මහ බැංකුව මුහුණ දී සිටී.

මෙරට විශාලම විදුලි බලාගාරය වන නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට ගල්අඟුරු මිලදී ගැනීමේ ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලිය සාර්ථකව කරගෙන ගොස් තිබුණත් ලබන අපේ‍්‍රල් මාසයේ ආරම්භ වීමට නියමිත වාරකන් කාලයට පෙර මෙම ගල්අඟුරු නෞකා අටෙන් ගල්අඟුරු ගොඩබෑමට සිදුව තිබේ.

මේ සම්බන්ධයෙන් ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති ජගත් පෙරේරා මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ මෙම ගල්අඟුරු නෞකා අට ලබන මාසයේදී මෙරටට ගෙන ඒම සඳහා ණයවර ලිපි (එල්සී) විවෘත කර ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.

මෙම නෞකා අට තුළ බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු මෙටි‍්‍රක් ටොන් හාරලක්‍ෂ අසූදහසක් පමණ තිබෙන බවද සභාපතිවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් ගල්අඟුරු බලාගාරයේ විදුලි ජනනය සඳහා දැනට මෙටි‍්‍රක් ටොන් මිලියන 2.25ක ගල්අඟුරු සංචිත ප‍්‍රමාණයක් ඇතැයිද ඒ මහතා කීය.

අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ආනයනය ඖෂධ ආනයනය මෙන්ම ඉන්ධන ආනයනයට පවා ඩොලර් හරස් වී තිබෙන මොහොතක ගල්අඟුරු ආනයනයට ඒක බලපෑවොත්

මෙගාවොට් 900ක් පමණ නිපදවන බලාගාරය නතරවී යා හැකි යැයිද විදුලිබල ඉංජිනේරුවෝ කියති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More