දේශීය පුවත්

ඉතාම නුදුරේදී අත්සන් කිරීමට නියමිත ඉන්දු ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගිතා ගිවිසුම් සහ බැසිල් රාජපක්ෂ අමාත්‍යයවරයාගේ ඉන්දියානු සංචාරය මෙන්ම අගමැති නරේන්ද්‍ර මෝඩිගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී.එහිදී ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර ප්‍රතිචාරය ඔහුගේ වචනයෙන්,
“ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් දෙන ණය පහසුකම් භාවිතා කර ඉන්දියාවට අවශ්‍යය යුද පහසුකම් මිළදී ගන්නවා. ඒ කියන්නේ ඉන්දියාව අපේ වියදමින් ඔවුන්ගේ භූ දේශපාලන වුවමනාවන් ඉටුකර ගන්නවා. සෙසු මිළදී ගැනීම් සහ පාවෙන නැව් තටාක මිළදී ගැනීම මගින් පහසුකම් සැලසෙන්නේ ඉන්දියාවට අවශ්‍යය ඒකාබද්ධ මෙහෙයුම් වලට ශ්‍රී ලංකාව කොටු කර ගැනීමටයි. එම ඒකාබද්ධ නාවික මෙහෙයුම් ශ්‍රී ලංකාවේ වුවමනාව නොවෙයි. සාගර ආරක්ෂාව පිළිබඳ තොරතුරු හුවමාරුවද අවසානයේදී ඉන්දියාවට අවශ්‍යය දෙයක් . මීළඟට ඉන්දියාව ACSA සහ SOFA වැනි බරපතල ආරක්ෂක ගිවිසුම් වලට ශ්‍රී ලංකාව කොටුකර ගැනීමට මාන බලන බවට සාක්ෂි තිබෙනවා.මේවා සියල්ල පිටුපස ඉන්නේ පාත් ෆයින්ඩර් නායකයන් බව රහසක් නොවේ.අපි වැදගත්ම තානාපතිකමක් දීල තිබෙන්නේ ඉන්දු අමෙරිකානු ඒජන්තයෙකුට. විදේශ විනිමය අර්බූදය හෙවත් ඩොලර් අර්බූදය ඔහුට ආශිර්වාදයක්.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More