යාපනයේ තෙලිප්පලේ මල්ලාකම් හංදියේදී පොලිස් නිලධාරීන්ව කඩුවලින් කැපීමට සූදානම් වන අවස්ථාවේදී පොලිස් නිලධාරියෙකු වෙඩි තැබූ සිද්ධියේ පුද්ගලයින් 05 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් මැඩලීමට යෑමේදී පොලිසියට මෙම අනපේක්ෂිත අවස්ථාවට මුහුණ දීමට සිදු වු අතර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙපිරිස අතර ගැටුමට සම්බන්ධ 05 දෙනෙකි..
——————————————————–
පොලිස් වෙඩි තැබීමෙන් අයෙකු මිය යාමට විරෝධය.. කන්කසන්තුරෙයි මාර්ගය වසයි..
යාපනය මල්ලාකම් කතෝලික දේවස්ථානය ඉදිරිපිටදී ඊයේ (17) රාත්‍රියේ තරුණයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් මැඩලීමට ගිය පොලිස් නිලධාරියෙකුට පහරදීමට පැමිණි පුද්ගලයෙකුට සිදු කළ වෙඩි තැබීමකින් එක් අයෙකු මිය යාම නිසා මේ වන විට මල්ලාකම් ප්‍රදේශයේ දැඩි නොසන්සුන් තත්වයක් ඇතිව තිබෙන අතරම තත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවා ඇත.
චුන්නාගම් පොලිස් වසමේ සිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ත්‍රී රෝද රථයකින් තෙලිප්පලෙයි රෝහල දක්වා ගමන් කොට ඇති අතර එහිදී මල්ලාකම් කතොලික දේවස්ථානය ඉදිරිපිට තරුණයින් දෙපිරිසක් අතර බරපතල පහරදී ගැනීමක් සිදුව ඇත. එම අවස්ථාවේදී එම ගැටුම මැඩලීමට අදාල පොලිස් නිලධාරීන් දෙදෙනා උත්සහ කොට ඇති අතර එහිදී එක් පුද්ගලයෙකු විසින් පොලිස් නිලධාරීයෙකුට පහර දී පොලිස් නිලධාරියා සතුව තිබූ පිස්තෝලය උදුරා ගැනීමට උත්සහ දරා ඇති අතර එහිදී පොලිස් නිලධාරීවරයා විසින් ආත්ම ආරක්ෂාව වෙනුවෙන් පහරදීමට පැමිණි පුද්ගලයාට වෙඩි තබා ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.
අදාල වෙඩි තැබීම හේතුවෙන් මල්ලාකම් ප්‍රදේශයේ පදිංචි සුදර්ශන් කුලමන්කාල් නැමති 25 හැවිරිදි තරුණයෙකු රෝහලගත කිරීමෙන් පසුව මිය ගොස් ඇත.
වෙඩි තැබීමෙන් පසුව මල්ලාකම් ප්‍රදේශවාසීන් විසින් අදාල වෙඩිතැබීමට විරෝධය පා යාපනය කන්කසන්තුරෙයි මාර්ගය මල්ලාකම් ප්‍රදේශයෙන් ඊයේ රාත්‍රියේ වසා දමමින් විරෝධය පල කල අතර යාපනය රෝහල ඉදිරිපිටටද විශාල පිරිසක් රැස්ව විරෝධය ඉතා උණුසුම් අයුරින් විරෝධය පා ඇත.
කෙසේ වෙතත් මේ වන විට මල්ලාකම් මන්සන්ධියට මෙන්ම රෝහල් ඉදිරිපිටටද පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා තත්වය පාලනය කිරීමට පියවර ගෙන ඇති අතර අදාල වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ කිහිපයක් ආරම්භ කොට ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
———————————————————–
යාපනයේදී පොලිසියට කඩුවලින් පහර දෙන්න ඇවිත් – පොලිසිය වෙඩි තැබීමෙන් අයෙක් මරුට
යාපනයේ, තෙලිප්පලෙයි ප්‍රදේශයේ මල්ලකාම මංසන්ධියේ දී පොලිස් නිලධාරීන් දෙදෙනකු විසින් සිදු කළ වෙඩිතැබීමකින් 33 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් ඇත.
මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ යාපනය තෙලිප්ලායි ප‍්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් පාලනය කිරීමට ගිය අවස්ථාවේදීය.
පොලීසිය පවසන්නේ පොලිස් නිලධාරීන්ට එහිදී කඩු ප‍්‍රහාරයක් එල්ල වූ නිසා වෙඩි තැබූ බවයි. එසේම තුවාල ලැබූ තවත් පුද්ගලයෙක් මේ වන විට රෝහල් ගත කර තිබේ.
කෙසේ වෙතත් මේ වන විට තත්ත්වය පාලනය කිරීම සඳහා ප්‍රදේශය පුරා පොලිස් ආරක්ෂාව යොදා ඇති අතර වෙබ් තැබීම සිදු කළ පොලිස් නිලධාරින් අත්තඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසින් උද්ඝෝෂණයක නිරත වන බවත් වාර්තා වේ. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ ස්ථානයේ සිටි දෙපිරිස අතර නොසන්සුන් තත්වයක් හටගෙන ඇති බවට තහවුරු කළ හැකි සාක්ෂි පවතින බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...