දේශීය පුවත්

නව ඡන්ද ක්‍රමයක් ඇති කරන තුරු පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණ කඩිනමින් පැවැත්විය යුතු යැයි මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත්කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාවෙන් නිර්දේශ කිරීමට එම කාරක සභාවේ එකඟත්වය හිමිවූ බව එහි සභාපති සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

සියලු ඡන්ද විමසීම්වලදී කොට්ඨාශ (කේවළ) ක්‍රමයට සියයට 60 ක් සහ අනුපාතික ක්‍රමයට සියයට 40ක් වශයෙන් ජනතා නියෝජිතයන් තෝරා ගන්නා ආකාරයේ මිශ්‍ර ඡන්ද ක්‍රමයක් මූලධර්මයක් ලෙස පිළිගෙන වාර්තාව කෙටුම්පත් කිරීමටද විශේෂ කාරක සභාව එකඟ වූ බව ඔහු සඳහන් කළේය.

පළාත් පාලන ආයතනවල බහුතර ස්ථාවරභාවය ඇතිකිරීම සඳහා ජයග්‍රාහී පක්ෂයට හෝ කණ්ඩායමට අතිරේක මන්ත්‍රී ධුර 02ක් ලබා දීම සඳහාත් නිර්දේශ කිරීමටද ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවට පැමිණි බවද ඔහු කීවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 225ට සීමා කිරීමටද එකඟ වූ බව, දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

පාර්ලිමේන්තු සහ පළාත් සභා සඳහා නව මැතිවරණ නීතී සම්පාදනයේදී කොට්ඨාශ (කේවළ) ක්‍රමයට සියයට 60 ක් සහ අනුපාත ක්‍රමයට සියයට 40 ක් වන පරිදි දිස්ත්‍රික්කය තුළ සීමා නිර්ණය කිරීම සඳහා නිර්දේශ කිරීමටද කාරක සභාව එකඟතාවය පළ කර ඇත.

සියලු මැතිවරණවලදී කාන්තා නියෝජනය සියයට 25 ක් ලෙස පවත්වා ගැනීමට සහ තරුණ නියෝජනය අනිවාර්ය කිරීමටද නිර්දේශ කිරීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවය පළ වී ඇත.

මීට අමතරව දේශපාලන පක්ෂ පිළිගැනීම සහ අවලංගු කිරීමේ නව නීතී, දේශපාලන සන්ධානයන් ලියාපදිංචි කිරීමේ නව නීතී ගෙන ඒම සම්බන්ධයෙන්ද නිර්දේශ ඇතුළත් කිරීමට කාරක සභාවේ එකඟතාවය ලැබුණු බව දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

මෙම තීරණ ගෙන එම කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ රැස්වූ අවස්ථාවේදීය. මෙම විශේෂ කාරක සභාව මාර්තු මස මුල් සතියේ යළි රැස්වීමට නියමිත බව එහි ලේකම්, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්, කාර්ය මණ්ඩල ප්‍රධානී කුෂාණී රෝහණධීර මහත්මිය පැවසුවාය.

මෙම රැස්වීමට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ.සුමන්දිරන්, රන්ජිත් මද්දුම බණ්ඩාර, අනුර දිසානායක , මනෝ ගනේෂන්, මධුර විතානගේ, රවුෆ් හකීම් යන මහත්වරුද සහභාගි වූහ.
(ලංකාදීප පුවත්පත )

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More