කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (24) දිනයේ දී ඒකක 560.71 ක පහළ යාමක් වාර්තා කළ බව පැවසේ. මෙය මෙතෙක් ඉතිහාසයේ තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වූ දෙවැනි විශාලතම කඩා වැටීම විශ්ලේෂකයෝ පවසති. ඒ අනුව මෙම කඩා වැටීම දෙවැනි වන්නේ 2021 පෙබරවාරි 02 වැනි දින ඒකක 561.75කින් සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වූ කඩා වැටීමට පමණි.
ඊයේ(24) දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 10,657.05 ක් ලෙසින් සටහන් වූ බව කොළඹ කොටස් වෙළෙඳ පොළ පවසයි.
S&P SL20 දර්ශකය ඒකක 3,954.12 ක් ලෙසින් වාර්තා වූ අතර එය ඒකක 197.45 කින් හෙවත් 5.21% කින් පහළ යන ලදී. ඊයේ දින ගනුදෙනු අතරවාරයේ දී S&P SL20 දර්ශකය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 5% ක ප්‍රමාණයක් ඉක්මවා පහළ යාම හේතුවෙන් පස්වරු 1.42 සිට පස්වරු 2.12 දක්වා මිනිත්තු 30 ක කාලසීමාවක් සඳහා ගනුදෙනු අත්හිටුවීමක් ද සිදුකෙරුණි.
රු. බිලියන 3.71 ක පිරිවැටුමක් ඊයේ දින ගනුදෙනු හරහා වාර්තා විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...