අමෙරිකාව ඇතුළු බටහිර ජාතීන් බලාපොරොත්තුවෙන් සිටි රුසියානු හමුදා ප්‍රහාරය අද (24) යුක්‍රේනයට එල්ල වී ඇති බව ජාත්‍යයන්තර මාධ්‍යය වාර්තා කර සිටී. ජනාධිපති ව්ලැදිමීර් පුටින් ජාත්‍යන්තර හෙලාදැකීම් සහ සම්බාධක පසෙකලා ප්‍රහාර එල්ල කළ අතර මෙම ප්‍රශ්නයට මැදිහත් වීමට ගන්නා ඕනෑම උත්සාහයක් “ඔබ කිසිදා නොදුටු ප්‍රතිවිපාකවලට” තුඩු දෙන බවට ඔහු විසින් අනෙකුත් රටවලට අනතුරු ඇඟවීය.
දැවැන්ත ජීවිත හානි සිදු කළ හැකි සහ යුක්‍රේනයේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ රජය පෙරළා දැමිය හැකි රුසියානු ආක්‍රමණයක ආරම්භය ලෝක නායකයින් ප්‍රතික්ෂේප කරන විට, යුක්‍රේනයේ කිවි කහර්කිව් සහ ඔඩෙස් නගර වල හිරු උදාවීමට පෙර විශාල පිපිරීම් ඇසුණු බව විදෙස් වාර්තා පවසයි.
යුක්‍රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි යුද නීතිය හඳුන්වා දී ඇත්තේ රුසියාව යුක්‍රේනයේ හමුදා කඳුවුරු ඉලක්ක කර ඇති බවත් රට පුරා පිපිරීම් ඇසෙන බවත් පවසමින් බව විදෙස් වාර්තා පවසා සිටී.යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි මාධ්‍යය වෙත පවසා සිටියේ තමා ජනාධිපති ජෝ බයිඩන් සමඟ සාකච්ඡා කළ බවත් එක්සත් ජනපදය යුක්‍රේනය ආරක්ෂා කිරීමට ජාත්‍යන්තර සහයෝගය රැස් කරන බව සහතික බවත්ය. ඒ අනුව තමා යුක්‍රේනුවන්ගෙන් නිවෙස් වල රැඳී සිටින ලෙසත් කලබල නොවන ලෙසත් ඉල්ලා සිටි න බව ඉල්ලා සිටියේය.
ජාත්‍යන්තර ප්‍රජාව සති ගනනාවක් තිස්සේ මෙම ආක්‍රමනය අපේක්ෂා කළ නමුත් රාජ්‍ය තාන්ත්‍රිකභාවයෙන් වැළැක්විය නොහැකි වූ ආක්‍රමණශීලී ක්‍රියාව සඳහා රුසියාවට දඬුවම් කිරීම සඳහා නව සම්බාධක පැනවීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පොරොන්දු විය.
නැඟෙනහිර යුක්‍රේනයේ සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සඳහා ප්‍රහාරය අවශ්‍ය බව ප්‍රකාශ කරමින් පුටින් රූපවාහිනී දේශනයකදී තමා කළ සියල්ල සාධාරණීකරණය කළේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...