අමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා රුසියාව සහ යුක්‍රේනය අතර ඇතිවී තිබෙන රාජ්‍යයතාන්ත්‍රික අර්බූදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පසු ගිය අඟහරුවාදා පවසා ඇත්තේ ඔහුගේ පාලනය යටතේදි රුසියානු නායක ව්ලැඩිමීර් පුටින් විසින් යුක්රේනය සම්බන්ධයෙන් කිසිදු විටෙක් අද සිදුවන ආකාරයේ ක්‍රියා මාර්ග නොගන්නා බවයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ “නිවැරදිව හසුරුවන්නේ නම්, යුක්රේනයේ දැනට සිදුවෙමින් පවතින තත්වය කිසිසේත්ම සිදුවීමට හේතුවක් නැත,” කියායි.
“මම ව්ලැඩිමීර් පුටින්ව හොඳින් හඳුනනවා, ට්‍රම්ප් පරිපාලනය තුළ ඔහු දැන් කරන දේ කිසි විටෙකත් නොකරනු ඇත, !”
යුක්‍රේනයේ පාලන ඒකක දෙකක් රුසියාව සමඟ එකතුව කටයුතු කිරීමට තීරණය කිරිමෙන් පසු එම ප්‍රදේශ දෙකක් ආරක්ෂා කර ගැනීම සඳහා තම හමුදාවන්ට නියෝග කිරීමෙන් පසු රුසියාව ජාත්‍යන්තර සම්බාධක වලට මුහුණ දෙමින් සිටී.
යුයක්‍රේනයේ දේශසීමාවේ රුසියානු සොල්දාදුවන් දස දහස් ගනනක් ස්ථානගත කිරීමත් සමග අමෙරිකාව ප්‍රමුඛ නේටෝ සංවිධානයට අයත් රටවල් සම්පූර්ණ ආක්‍රමණයක් පිලිබඳ අනතුරු ඇඟවීම් මධ්‍යයේ රුසියානු ජනාධිපති පුටින් විසින් මෙම පියවර ගෙන ඇත.
අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් රුසියාවේ මෙම ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් එරෙහි වීමක් ලෙස ආර්ථික සම්බාධක පැනවූ නමුත් රුසියාවට එරෙහි දඬුවම් පිලිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපද රජයේ නිලධාරියෙක් ජාත්‍යයන්තර වාර්තාකරුවන් වෙත පවසා සිටියේ “අපි රුසියාව විසින් සිදු කර ඇති දේ තක්සේරු කිරීමට කටයුතු කරමින් සිටිමු.” යනුවෙනි.
අමෙරිකාවේ මිතුරෙකු වන යුක්‍රේනයට සිදුවන තර්ජනය සම්බන්ධයෙන් දිගු නිහැඬියාවක සිටි හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේ රුසියාවේ ක්‍රියාව සම්බන්ධයෙන් වත්මන් අමෙරිකානු පාලනය ගත් දුර්වල ක්‍රියාමාර්ග ගැටළුව විසඳීමට කිසිදු ගැලපීමක් නැති බවයි.
“දැන් එය ආරම්භ වී ඇත, තෙල් මිල වැඩි වෙමින් පවතී, පුටින්ට සෑම විටම අවශ්‍ය දේ ලබා ගැනීම පමණක් නොව, තෙල් හා ගෑස් වැඩිවීම නිසා ධනවත් හා පොහොසත් වෙමින් පවතී,” ට්‍රම්ප් වැඩිදුරටත් පැවසීය.
ධවල මන්දිරයේ රුසියාව සම්බන්ධයෙන් වන හිටපු උපදේශිකා ෆියෝනා හිල් ඉරිදා CNN ප්‍රවෘත්ති සේවය වෙත පවසා සිටියේ ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්තිය පුටින් ධෛර්යමත් කර ඇති බවයි.
හිටපු ජනාධිපතිවරයාගේ විදේශ ප්‍රතිපත්තිය ජාතික අවශ්‍යතාවයට වඩා පුද්ගලික අවශ්‍යතා මත මෙහෙයවා ඇති බවටද ඇය තර්ක කරන්නීය.
“ට්‍රම්ප්ට ඇමරිකාව ගොඩ නැගීමට සාමූහික උත්සාහයක් ගත්තේ නැහැ. එක පාරක්වත් එයා ඇමරිකාවට මුල් තැන දෙන්න කිසිම දෙයක් කරනවා මම දැකලා නෑ. එක පාරක් නෙවෙයි. එක තත්පරයක්වත් නෑ” ට්‍රම්ප්ගේ ජ්‍යෙෂ්ඨතම සහායකයෙකු වන ෆියෝනා හිල් අවධාරණය කළාය.
2020 ජනාධිපතිවරණයට පෙර ජෝ බයිඩන්ගේ පවුල සම්බන්ධයෙන් දූෂණ පරීක්ෂණයක් දියත් කරන ලෙස එවකට ජනාධිපති ට්‍රම්ප් යුක්‍රේන නායකයාගෙන් ඉල්ලා සිටි විට යුක්‍රේන රාජ්‍යය එක්සත් ජනපදයේ අභ්‍යන්තර දේශපාලන ගිනි කුණාටුවකට මැදි විය.
යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කිට බලපෑම් කිරීම සඳහා ට්‍රම්ප් මිලිටරි ආධාර අවහිර කිරීමට උත්සාහ කිරීම යන චෝදනාව රිපබ්ලිකානුවන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ගෙන ආ දෝෂාභියෝග දෙකෙන් පළමුවැන්නට හේතු විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...