රටේ සියලු ක්ෂේත්‍රවල කඩාවැටීමක් සිදුවී ඇති නිසා වහාම රටට සුදුසු පාලකයන් පිරිසක් පත්කර ගැනීම වෙනුවෙන් ජාතික මැතිවරණයක් පැවැත්විය යුතු බවත් රට විනාශ කරන පාලකයන් වහාම ගෙදර යා යුතු බවත් පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.
වත්මන් ආණ්ඩුවේ ජනතා විරෝධී වැඩපිළිවෙළට එරෙහිව දැවැන්ත වැඩ වර්ජන මාලාවක් දියත් කිරීමට සූදානමින් සිටින බවද උන්වහන්සේ ප්‍රකාශ කළේය.
පසුගියදා නාරාහේන්පිට අභයාරාමයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවිදි හඬ සංවිධානයේ සභාපති හිමියෝ මෙසේද පැවැසූහ.
මේ ආණ්ඩුව බලයට පත් වන කොට කිව්වේ පසුගිය ආණ්ඩුව කරපු දේවල් නොකර මේ රට තුළ යහපාලනයක් ඇති කරනවා කියලා. නමුත් බලයට පත්වෙලා නොයෙක් දේවල් කිව්වාට ජනතාවගේ යහපතට කිසිවක් වෙලා නැති බව අද පේන්න තියෙනවා. රටේ ආරක්ෂාව බින්දුවට බැහැලා. ජනතාව කබලෙන් ළිපට වැටිලා මේ ආණ්ඩුවට අරමුණක් නැහැ.
මේ ආණ්ඩුවට වැඩ කරන්න බැහැ. වහාම මැතිවරණයක් පවත්වලා මේ රටට සුදුසු පාලකයන් පත්කර ගත යුතුයි.
රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් කතා කරද්දී කතරගම කිරි වෙහෙර ඉදිරිපිටදී ඒ මහ නායක හාමුදුරුවන්ට වෙඩි තියන්න පුළුවන් නම් ඒ කියන්නේ විශාල වැරැද්දක් මෙතන තිබෙනවා. කතරගම දෙයියොවත් මේ දිහා බලන්නේ නැත්තේ රටේ අපරාධ රැල්ල වැඩිවී ඇති නිසයි.
මේ රට පාලනය කළ හැකි සුදුසු පාලකයන් පිරිසකට මේ රට ලබාදිය යුතුයි.
ඉදිරි කාලයේදී අපි නිහඬව ඉන්නේ නැහැ.
අපි දැවැන්ත අරගලයක් කරනවා ඉදිරියේදී. අපි පාලකයන්ට කියන්නේ දැන් ඔබලා හිටියා ඇති. රට විනාශ කරන්න එපා. ජාතිය විනාශ කරන්න එපා. වහාම ගෙදර යන්න කියන එක මේ පැවිදි හඬයි.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත...
ගෝඨාගේ ඉල්ලීමට තායිලන්තය අවසර දෙයි ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලීමක් සිදුකර ඇති බව තා...
අනුර කුමාරගෙන් බලාපොරොත්තු වන දේ ජනපති කියයි ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිප...