දේශීය පුවත්

සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් අධිභාර බදු පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අයදුම්පතක් ගොනු කර ඇති බව වාර්තාවේ.

පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇති අතර පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇති බවද වාර්තාවේ. පෙත්සම මගින් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඉල්ලා සිටින්නේ අදාළ වගන්ති පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබා දෙන ලෙසයි.

2022 අයවැයේදී මුදල් අමාත්‍යවරයා විසින් වාර්ෂිකව බදු ගෙවිය හැකි ආදායම රු. මිලියන 2,000 ක් හෝ ඊට වැඩි අරමුදල් තිබෙන ආයාතන වන සේවක අර්ථසාධක අරමුදල (EPF), සේවක භාරකාර අරමුදල (ETF) සහ තවත් අරමුදල් කිහිපයක් ද මෙම 25% අධිභාර බද්දට යටත් වන බවට පෙත්සම්කරු චෝදනා කරායි. එලෙසම එම පනත් කෙටුම්පතේ අඩංගු බොහෝ විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති පුද්ගලයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More