ඉන්ධන සැපයුම් හිඟය හේතුවෙන් අද (පෙබ. 23) කාණ්ඩ කිහිපයක් යටතේ ඩිදුලි කප්පාදුව සඳා සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) අනුමත කර ඇත.
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ, විදුලිය විසන්ධි කාලසටහනේ A, B සහ C කාණ්ඩ යටතේ සඳහන් කර ඇති ප්‍රදේශවලට පැය 04 යි විනාඩි 40 ක විදුලි කප්පාදුවක් සිදු කරන බවයි.
එලෙසම සෙසු ප්‍රදේශවලටද පැය 04 යි විනාඩි 30 ක විදුලි කප්පාදුවක් සිදු කරන බව ද ඔහු සඳහන් කළේය.
ඒ අනුව පෙරවරු 8.30 ත් රාත්‍රී 10.30 ත් අතර පැය 4 යි විනාඩි 40 ක විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා අනාවරණය කළේය. A,B සහ C කාණ්ඩවලට එම විදුලි කප්පාදුව උදය කාලයේ පැය 02 සහ රාත්‍රී පැය 02 විනාඩි 40 ලෙස බෙදා ඇති බවද ඒ මහතා අනාවරණය කළේය.
මේ අතර අනෙකුත් ප්‍රදේශ වලට පෙරවරු 8.30 සිට රාත්‍රී 9.30 දක්වා පැය 04 යි විනාඩි 30 ක විදුලි කප්පාදුවක් සිදුකෙරේ. එය උදය වරුවේ පැය 02 සහ රාත්‍රී පැය 02 විනාදි 30 ක් ලෙස විදුලි කප්පාදුව සිදු කෙරේ.
මෙරට විදුලිය නිපදවීම සඳහා දිනකට ඉන්ධන මෙට්‍රික් ටොන් 4,000ක් පමණ අවශ්‍ය වන බවත්, ඊයේ (පෙබරවාරි 22) ඉන්ධන මෙට්‍රික් ටොන් 2,000ක පමණ හිඟයක් ඇති වූ බවත් මහජන උපයෝගිතා කොමිසමී සභාපතිවරයා අනාවරණය කළේය.
ඒඅ අනුව මෙගාවොට් 550ක සම්පූර්ණ විදුලි ජනන ධාරිතාවක් සහිත බලාගාර වසා දැමුණු බවද සභාපතිවරයා අනාවරණය කළේය.
මේ අතර විදුලි නියාමකවරයා පවසන්නේ විදුලිය නිපදවීම සඳහා අද(23) දිනයේ ඉන්ධන අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 4,000ක් බවත්, සපයා ඇත්තේ මෙට්‍රික් ටොන් 1,000ක් පමණක් බවත් ය. ඒ අනුව අද දිනයේ ඉන්ධන හිඟය මෙට්‍රික් ටොන් 3000ක් බවද විදුලි නියාමකවරයා පවසා සිටී.
එවැනි හිඟයක් දිගින් දිගටම ඇති වුවහොත් මෙගාවොට් 750ක විදුලිය ජාතික විදුලිබල පද්ධතියෙන් ඉවත් කර ගැනීමට සිදුවන බවද මහජන කොමිසන් සභාවේ සභාපතිවරයාගේ අදහසයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...