දේශීය පුවත්

කොළඹදී මාධ්‍ය අමතමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසා සිටියේ ශ්‍රී ලංකාවේ ණය තිරසාරත්වය පිළිබඳව විශ්ලේෂණය කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පෙබරවාරි 25 වනදාට ආර්ටිකල් හතර වාර්තාව එහි අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවයි. ඒ අනුව මෙරට ජනතාව තව තවත් පීඩාවට පත් නොකොට එම වාර්තාව මෙරට පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කර පක්ෂ විපක්ෂ බේදයකින් තොරව රට ගොඩගැනීම සඳහා එම වාර්තාවට අනුව තිරසාර වැඩපිළිවෙලක් සකස් කිරීමට ආණ්ඩුව වහාම කටයුතු කළ යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටී.

එහිදී අදහස් දක්වමින් “වේ අද වනවිට රට ඇද වැටී තිබෙන තත්ත්වය අනුව දේශීය විසඳුමක් මගින් වත්මන් ආර්ථික අර්බුදය කළමනාකරණය කරගැනීමට යාම අනුවණ ක්‍රියාවක්. නමුත්, මහ බැංකුවේ අධිපතිවරයා දේශපාලන වුවමනාවන් මත කටයුතු කරමින් දිගින් දිගටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රතික්ෂේප කිරීම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබාගැනීමට හැකියාව තිබෙන විසඳුම පවා ලබාගැනීමට නොහැකි තත්ත්වයක් දිනෙන් දිනම නිර්මාණය වෙමින් පවතිනවා.දැන් ඛනිජ තෙල් ප්‍රශ්නය විදුලි බල ප්‍රශ්නයක් බවටත් පත්වෙලා.මෙය ලංකාවේ ප්‍රධාන රාජ්‍ය බැංකුවල ස්ථායීතාවයට ලොකු ගැටලුවක් ඇතිකර තිබෙනවා. තෙල් සංස්ථාවට ණය දෙන්න එපා කියල, මහජන බැංකුවට සහ ලංකා බැංකුවට මහ බැංකු අධිපතිවරයා උපදෙස් දුන්නා කියල, අද පත්තරවල තියනවා. පේනවනේද ගැටලුවේ බැරෑරුම් කම? මේ බැංකු වලට ප්‍රශ්නයක් වු‍ණොත් අමාරුවේ වැටෙන්නේ සාමාන්‍ය මහජනතාව නේද?.වාසුදේව අමාත්‍යවරයා කියන ආකාරයට හාල්පොත් සහ තෙල් පොත් ක්‍රමයක් වර්තමාන සමාජ ක්‍රමය තුළ ක්‍රියාත්මක කළ නොහැකියි. රාජපක්ෂලාට අපි කියනවා ඔබලා මේ වැඩේ සම්පූර්ණයෙන්ම අනාගත්තා. දැන් යනඑන මං නෑ. නමුත්, ස්වාධීන ආර්ථික විද්‍යාඥයින් සහ විපක්ෂයේ අපි කියන දේවල් ඔබලා අහන්නවත් සූදානම් නෑ. මෙහෙම රටක් කරන්න බෑ. අපි ඔබලාට බල කරනවා, 25 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලංකාව ගැන වාර්තාව ඉදිරිපත් වූ විට වහාම එය ලංකාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා, දේශපාලන පක්ෂ පාට බේදයෙන් තොරව මේ රටේ ජනතාව බේරා ගැනීමට වැඩපිළිවෙලක් හදන්න කියලා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More