පසුගිය දින මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව නිකුත් කර ඇති පිටු දාහතකින් යුත් වාර්තාව පිළිබඳව “ලංකා ලීඩ් නිවුස්”වෙබ් අඩවියේ දේශපාලන විමර්ෂණ අංශය ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතාගෙන් කරුණු විමසන ලදී. එතුමා ප්‍රකාශ කළේ, “අර්ථයෙන් කෙසේ වෙතත් බැෂලේ මහත්මිය සඳහන් කර ඇති “යුද අපරාධ චෝදනා වලට රජය පසුගිය වසර දෙකේදීම කිසිවක් සිදුකර නැහැ” කියන කාරණයේදී සියයට හැත්තෑ පහක් අප එකඟයි. යුද අපරාධ චෝදනා පිළිගත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගෙ යහපාලන රජය සම අනුග්‍රහයෙන් ගෙනා 30/1 යෝජනාවලියේ සම අනුග්‍රහයෙන් ඉවත්වීම සහ යුද අපරාධ චෝදනා සනාත කිරීම සඳහා අත්තනෝමතිකව ජිනීවා සමුළුව ගෙන ආ 46/1 යෝජනා පිළි නොගැනීම පමණයි මෙම වසර දෙකටම රජය සිදුකර ඇත්තේ. එය සමස්ථ ක්‍රියාවලියේ කාලක් හැටියට සැළකිය හැකියි. ඉතිරි තුන්කාලක් තව කරන්න ඉතිරිවෙලා තියෙනව. කරුමෙට ඒ තුන්කාල කිරීම සඳහා ඇති අවස්ථාව බොහෝ දුරට ලබන 28 දින ආරම්භ කෙරෙන ජිනීවා සැසියෙන් පසුව අහෝසි වෙනව. රජය රණවිරුවන් වෙනුවෙන් ස්වභාවික යුක්තිය ඉල්ලීම එම අවශ්‍යතාවයයි. මේ පිළිබඳව අප කොතෙකුත් රජයේ අදාල ආයතන සහ පුද්ගලයින් දැනුවත් කර තියෙනව. බැරිම තැන යහපාලන රජයේ හිටපු ප්‍රභල ඇමතිවරයෙක් මාර්ගයෙන් නැවතත් මේ පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කළා. නමුත් කියන්න කනගාටුයි. ඒ සියළු උත්සාහයන් බීරි අලින්ට වීණා වයනවා වගේ වෙලා. බීරි අලින්ගෙ අළුත් තැටිය තමයි යුද අපරාධ චෝදනා වලට උත්තර දීම “වෙන වෙන කම්ප්ලිකේෂන් එන, යුද ආපරාධ චෝදනා ගෙන ආ බල අධිකාරිය පිළිගැනීමක් වේ” යන කියමන. මේ සඳහා රජය අරන් තියෙන ක්‍රියාමාර්ගය “මධ්‍යස්ථ දෙමළ ප්‍රජාව සමග සාකච්ඡා කිරීම”. ඒ අළුත් තැටිය හා ක්‍රියාමාර්ගය යන දෙකම අපේ ජනවහරේ හැටියට අපබ්‍රංශ ලෙස හඳුන්වන්න පුළුවන්. නීතියක් නැති දුෂ්ඨම වරිග සභාවක උනත් චෝදනා ලාභියෙකුට අවස්ථාවක් තියෙනව තමුන්ට නගා ඇති චෝදනා වලට උත්තර බැඳීමට. නමුත් රටේ නීතිය පිළිබඳ මහ මොළකරුවන් රජයට කියන්නෙ චෝදනා වලට උත්තර දීම චෝදනා පිළිගැනීමක් කියල. මේක හතර බීරි කතාවක්. ඒ වගේම තමයි ඔය මධ්‍යස්ථ දෙමළ ප්‍රජාව “එන්ගේජ්” කරගැනීමේ සිහිනය. අප දැක්ක මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපතිනියක් වන වත්මන් නීලන් තිරුචෙල්වම් පදනමේ සභාපතිනි අම්බිකා සත්කුණනාදන් මහත්මිය යුරෝපීය පාර්ලිමේන්තුවේ සැසියකට ගොස් කර තිබුන අසත්‍ය චෝදනා. ඒකෙන් පෙනෙනව මධ්‍යස්ථයි කියන කොටසෙ “එන්ගේජ්” වීම කොහොමද කියල. මධ්‍යස්ථෙ කෙසේ වෙතත් හෙට අනිද්ද වෙනකොට අර බ්ලැක් ලයිෆ් මැටර් කියල දණක් නවල ඉඳගෙන අතක් මිටි මොළවල ඉහළට ඔසොවල කරන සංදර්ශණය වගේ යමක් දෙමළ ජනසංහාර විරෝධය කියල හැම ජාත්‍යන්තර තරඟයක් ආරම්භයේදීම පවත්වන්න ඉඩ තියෙනව. ඒක ලබන පාර අයිපීඑල් එකේදිම චෙන්නායි සුපර් කිංග්ස් හරහා පටන් ගන්නත් ඉඩ තියෙනව. දැනටමත් මහීෂ් තීක්ෂණට එරෙහිව යුද අපරාධ සහ දෙමළ ජනසංහාර මඩ ප්‍රහාර එල්ල කරල තියෙනව. මහීෂ්ට සෙල්ලම් කරන්නනම් එහෙම විරෝධයක් සනිටුහන් කරන්න ඉඩ දෙන්න ඕන කියල බලකරන්න දැම්මම පෙළ ගැහෙනව වෙන්න පුළුවන්. ඒ ගැනත් දැන් අවධානයෙන් ඉන්න වෙලා තියෙනව. යමෙකුට කියන්න පුළුවන් එහෙමනම් 46/1 න් කරගෙන යන බාහිර යාන්ත්‍රණයෙන් පසුව රණවිරුවන්ට නගා ඇති යුද අපරාධ චෝදනා වලට පිළිතුරු දෙන්න පුළුවන් කියල. ඔව්, ඇත්තටම චෝදනා ගොනු කළොත් උත්තර දෙන්න පුළුවන් වේවි බිලියන ගානක් රණවිරුවන් වෙනුවෙන් වියදම් කරන්න හැකියාව රණවිරුවන්ට තියෙනවනම්. එහෙම දේකට ආණ්ඩුව අරමුදල් සපයාවි කියල හිතන්න අමාරුයි. එසේ චෝදනා ලාභීන් පනස් හත්දෙනෙක් ඉන්නව. ඉන් හතලිස් හත් දෙනෙකුට එල්ල කරන ලද චෝදනා අප ළඟ තියෙනව. ඒ සියල්ලම ඇතුලත් බොක්ස් ෆයිල් එකක් ආරක්ෂක කමිටුවට බාරදීල තියෙනව. අපි දන්නෙ නෑ ආරක්ෂක කමිටුව ඒ පිළිබඳව යමක් කරාද කියල. ඔබලා දන්නව අපේ ලංඩන් ශාඛාවේ ලේකම් ජෙයරාජ් පලිහවඩන මහතාට එරෙහිව යස්මින් සූකා මහත්මිය දමා ඇති සිවිල් නඩුව පිළිබඳව. යස්මින් සූකා කියන්නෙ දරුස්මාන් වාර්තාව සැකසූ කමිටුවේ සාමාජිකාවක්. ඇගේ වෙබ් සයිට් අඩවියක තිබුන තොරතුරු ඇයගේ අනුමැතියකින් තොරව භාවිතා කිරීම හා ඇයට කොටි හිතවාදිනියක් යැයි පවසන වාර්තාවක් ජෙයරාජ් මහතාගේ ෆේස් බුක් එකේ දැමීම තමයි වරද හැටියට මේ සිවිල් නඩුවේ දක්වා තිබෙන්නෙ. මේ වනවිට ජෙයරාජ්ට පවුම් 36 දාහක් වියදම් වෙලා තියෙනව. තව පවුම් 70 දාහක් ක් පමණ අවශ්‍ය වෙලා තියෙනව. මේ සඳහා අරමුදල් සොයන්න පවුම් දහය ගනනෙ “ලම්ප් රයිස්” ගිය ඉරිදත් ජෙයරාජ්ල ලංඩන්වල විකුණුව. ලෙව්කේ මැතිඳු වෙල මැද්දේ තනි උනාට වැඩිය අසරණ අඩියකට තමයි අද එතුමා වැටිල ඉන්නෙ. එහෙමත් තියාගෙන මෙවරත් එතුමා ජිනීවා සමුළුවට ලිඛිත වාර්තා පහළොවකට වැඩිය යැව්ව. ලන්ඩන් වලින් කණ්ඩායමක් රැගෙන ජිනීවා යන්නත් එතුමා බලාපොරොත්තු වෙනව. ඒවට කාගෙන්වත් වෙන ණ්ඝ්O වලට වගේ ආධාර ලැබෙන්නෙ නෑ. කොටින්ම කියනවනම් අතින් කයිට්. යම් හෙයකින් එතුමා නඩුවෙන් පැරදුනොත් පවුම් දෙලක්ෂ විසිපන්දාහක් පමණ ගෙවන්න වෙනව. එහෙම උනොත් ජෙයරාජ්ට වෙන්නෙ ලංඩන් වල තියෙන සබ්බ සකල මනාව නොවෙයි ලංකාවෙ තියෙන දේපොළ ඉඩකඩම් විකුණන්නයි. ඔය එක රටක එක සිවිල් නඩුවකට වැයවන ප්‍රමාණය. 46/1 න් ගොනුකරන සාක්ෂිවලින් රටවල් කීපෙක නඩු කීපයක් රණවිරුවන් 57 දෙනාටම පැවරුවොත් එහෙනම් රණවිරුවන්ට කුමක් වේවිද? ඔය යුද අපරාධ චෝදනා තියෙන ලිස්ට් එකේ ඉන්න කාටවත් ඔය වගේ පවුම් ගණනක් වියදම් කරගෙන විවිධ රටවල නඩුවලට මුහුණ දීමේ හැකියාවක් තියෙනවද? ඒකයි අපි කියන්නෙ මෙවර බැෂලේගේ වාර්තාවේ තියෙන යුද අපරාධ චෝදනා ලාභීන් වෙනුවෙන් රජය යමක් කර නැහැ කියන කියමන සමග අප එකඟ වෙන්නෙ” යනුවෙන් පවසන ලදී.
මේ සඳහා එකම විසඳුම රණවිරුවන් වෙනුවෙන් ස්වභාවික යුක්තිය ඉල්ලීම. ඒක කරන්නෙ කොහොමද කියල දන්නෙ නැතිනම් නවාස් කොමිසමට කියන්න විරුවන්ගේ විත්තිවාචකය සම්පාදනයකළ විද්වත් මඩුල්ලට කතාකරන්න කියල. අපි දන්නව පහුගිය රජය බැඳුම්කර වංචා පිළිබඳ වෝහාරික විගණනය කරන්න කේපීඑම්ජී සමාගමට රුපියල් මිලියන 300ක් ගෙව්ව කියල. ඕක “ඩෙස්ක්ටොප් සර්වේ” එකක් කරත් හොයාගන්න පුළුවන් දෙයක්. රජය ඒකට රුපියල් මිලියන 300ක් වියදම් කරා. නමුත් අපි අනුග්‍රහය දී හදපු වාර්තාව, විරුවන්ගේ විත්තිවාචකය, සඳහා රජයට සතයක්වත් වියදම් උනේ නැහැ. දැනටත් අපි අතින් සල්ලි වියදම් කරලයි එහි පිටපත් ගහල දෙන්නෙ. පහුගිය දෙසැම්බර් හා ජනවාරි වලත් එයින් පිටපත් 20ක් අපි රජයේ ආයතන සහ පුද්ගලයින්ට ලබා දුන්න. ආරක්ෂක කමිටුවටත් ලබා දුන්න. නමුත් කියන්න කනගාටුයි. සියල්ලම ඟඟට කැපූ ඉනි වගේ තමයි “යනුවෙනි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...