ශ්‍රී ලංකන් ගුවන්සේවයේ නිරෝධායන පැකේජ මෙහෙයවීම මගින් රුපියල් මිලියන 600කට වඩා වැඩිමුදලක් ශ්‍රී ලංකන් ගුවන්සේවයේ අලෙවි අංශ ප්‍රධානීයා, ශ්‍රී ලංකාව හා මාලදිවයිනේ ජ්‍යෙෂ්ඨ කලාප කළමණාකරු හා සෞදිඅරාබියේ ගුවන්සේවා කළමණාකරු යන නිලධාරීන් තිදෙනා විසින් වංචා කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන්සේවයේ අභ්‍යන්තර විගණන අංශ වාර්තා මගින් තහවුරු කර වී ඇතැයි වාර්තාවේ.
සෞදි අරාබිය කරා රැකියා සඳහා යන මගීන් විසින් අනිවාර්යෙන් ලබාගත යුතු සෞදි නිරෝධායන පැකේජ මගින් ඉහත සඳහන් කළ වංචා සිදු කර ඇති බව ගුවන්සේවයේ රහස්‍ය විගණන වාර්තා වලින් හෙළිකොට ඇති තොරතුරු වලට අනුව තහවුරු වන බවද වාර්තාවේ.
එම රහස්‍යය ය වාර්තාවලට අනුව,
1) 2021 මැයි මස සෞදි රජය විසින් පැනවූ නීතියට අනුව සෞදි අරාබිය වෙත යන සියලු මගීන් සඳහා නිරෝධායන පැකේජ ලබාදීමේ වගකීම ශ්‍රීලංකන් ගුවන්සේවය සතුවිය. අදාළ පැකේජ ගුවන්සේවය විසින් සකස්කර මගීන්ට මිලදී ගැනීම සඳහා ඉදිරිපත් කළ යුතුව විය.
2) ශ්‍රි ලංකන් ගුවන්සේවය මගින් මෙම පැකේජ සකස්කර මගීන්ට ඉදිරිපත්කිරීම මැයි මස වන විට සිදුකළ අතර ශ්‍රී ලාංකික, ඉන්දීය හා බංගලාදේශ ඇතුලු සෞදියේ සේවය කරන විශාල මගීන් පිරිසක් මේවා මිලදීගෙන ශ්‍රීලංකන් ගුවන්සේවය සමගින් සෞදියට පැමිණ නිරෝධායනයව තිබුණි. මින් ශ්‍රී ලංකන් ගුවන්සේවය සැලකිය යුතු ආදායමක් මෙන්ම ගුවන් මගීන්ටද ප්‍රමිතියකින් යුත් නිරෝධායන පහසුකමත් තහවුරු කර තිබුණි.
මෙම ක්‍රියාවලියඅ සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබුණු නමුදු හදිසියේම 2021 ජුනි සිට සෞදි නිරෝධායන රෙගුලාසි වලටද පටහැනිව හදිසියේම ශ්‍රී ලංකාවේ හෝටල් ක්ෂේත්‍ර යේ නමගිය ආයතනය වෙත ලබාදීමට අලෙවි අංශ ප්‍රධානියා විසින් කටයුතු කර ඇත. මෙම ආයාතනයට සෞදි ආරබියේ මෙවැනි මෙහෙයුමක් පිළිබඳ කිසිස්දු දැනුමක් නොතියබියදී මෙවැනි භාරදූර වගකීමක් පැවරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය කටයුතු කර ඇත.
ශ්‍රී ලංකාවේ අලෙවි ප්‍රධානියා හා ශ්‍රී ලංකාවේ කලමණාකරු විසින් ප්‍රසම්පාදන නීති කඩකරමින් සෞදි නීති වලටද පටහැනිව අදාල ආයතනය පත්කොට ඇත. තවද ඔවුන් විසින්ම සෞදි ශ්‍රීලාංකික නිරෝධායන නියෝජිත ආයතනය ජෙට්වින්ග් සමග සම්බන්ධීකරණ කටයුතු කිරීමද සිදු කර ඇත. ඊට අමතරව මෙම පැකේජයන්ගේ මුළු මෙහෙයවීමම ශ්‍රීලංකන් ගුවන්සේවයේ අලෙවි නිලධාරින් ලවා සිදුකර ගැනීමටත්, සියලුම ශ්‍රී ලංකිකයින්ට ශ්‍රීලංකන් ගුවන් සේවයේ පැකේජ වෙනුවට ජෙට්වින්ග් පැකේජ ප්‍රවර්ධනය කිරීමටත් මෙම නිලධාරීන් කටයුතු කර ඇත. දැනට රහස්‍යව පවතින විගණන වාර්තාවේ මෙකී සියලු කරුණු කාරණා පැහැදිලිවම දක්වා ඇති බවද වාර්තාවේ.
මෙම කූට ක්‍රියාව මගින් අදාල නිලධාරීන් 2021 ජුනි මාසයේ සිට 2021 දෙසැම්බර් දක්වා පමණක් මිලියන 600ක ආදායමක් ජාතික ගුවන්සේවයට අහිමි කර ඇත.
අදාළ සියලු කටයුතු වලට මූලිකත්වය ලබාදුන් සෞදි අරාබියේ ශ්‍රී ලංකන් ගුවන්සේවා කළමණාකරු මීට සමගාමීව සෞදි සමාගමක් සමග කූට නිරෝධායන සමාගමක් පවා ආරම්භ කර ඇති අතර එමගින් බංගලාදේශයේ සිට සෞදි අරාබියට යන මගීන්ට මෙම පැකේජ 1000කට අධික ප්‍රමාණයක් අලෙවිකර ඉන් රුපියල් මිලියන 200කට අධික මුදලක් ශ්‍රී ලංකන් ගුවන්සේවයට අහිමි කර ඇත. මෙම වංචාවද විගණන අංශ විසින් හෙළිකොට වාර්තාවක් සකස්කොට ඇත.
මෙම වාර්තා ශ්‍රීලංකන් ගුවන්සේවයේ සභාපති, හිටපු සහ වත්මන් ප්‍රධාන විධායක නිලධාරීන් හා විගණන කමිටු ප්‍රධානීන් අතට පත්ව කලක් ගතව ඇතත් අදිසි හස්තයක් විසින් මෙම පරීක්ෂණ යටපත් කොට ඇත. හිටපු ප්‍රධාන විධායක නිලධාරියාගෙන් පසු එම තනතුරට පත්කොට තිබෙන රුපියල් ලක්ෂ 90ක වැටුප් ලබන වයස 72ක් වන රිචඩ් නුටෝල් නම් විදේශිකයා මෙම වංචාව වසන් කිරීම වෙනුවෙන් මේ වන විටත් මූලිකත්වය ගෙන ක්‍රියාකරමින් සිටින අතර ඔහුට දැනටමත් පෙරකී නිලධාරීන් ඇතුලු පිරිස ආරක්ෂා කරන අදිසි හස්තයන්හි වරදාන, වරප්‍රසාද පවා හිමිව ඇති බව වාර්තා වේ.
මෙම වංචා සහගත පැකේජ අදාල සමාගම හරහා මෙහෙයවීමට තවදුරටත් මොවුන් පෙළඹී ඇති අතර මේ මෙහොතේදීත් මෙම වංචාව ගජරාමෙට සිදුවෙමින් පවතින බවද වාර්තාවේ.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන අතර වැඩිම පාඩු ලබන ආයතනය වන්නේ ශ්‍රීලංකන් ගුවන් සමාගමයි. බිලියන 150කට අධික ණය බරක් මෙන්ම දිනෙන් දින ලබන පාඩුව දේශපාලකයන්ට හා වෙනත් හේතුවලට බැර කරද සත්‍ය වශයෙන්ම පාඩුවෙන් වැඩි ප්‍රමාණයකට හේතුව මෙම ආයතනයේ චෞර ඉහළ නිලධාරී කණ්ඩායම බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවකයෝ පවසති. කවර ලෙස ආණ්ඩු මාරු වුණත්, සභාපති, ලේකම්වරු මාරු වුවත් මෙම චෞර, ඉහළ නිලධාරීන් සැමදා සුරක්ෂිත බව සේවක මතයයි. විශේෂයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වාණිජ අංශය හොරකමට, වංචාවට ඉහලින්ම සහභාගි වන අංශයක් බව මුළු ගුවන්සේවා කර්මාන්තයම දනා කරුණක් බවද සේවකයෝ පවසති. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවකයන්ට අනුව මෙම අංශයේ ඉහළ කළමනාකාරීත්වයේ හිඳ විශ්‍රාම ගිය බොහෝ දෙනා බිලියනපතියන් වන අතර ඔවුන්ගේ අනුගාමිකයන්ද තවමත් කිසිදු බාධාවකින් තොරව මෙම කටයුත්තේ නියැලෙමින් සිටී.
වතමන් අලෙවි අංශ ප්‍රධානීයා යහපාලන ආනුභාවයෙන් පත්විම් ලද අයෙකු වන අතර මීට පෙරද මෙවැනි වංචා කටයුතු වලට හසුව ඇතත් ඔහු යහපාලන දේශපාලකයින්ගේ පිහිටානුභාවයෙන් මේ වනතුරුත් කටයුතු කරමින් සිටී. යහපාලන රජය යටතේත්, වර්තමාන රජය යටතේත් වංචා, දූෂණ වැරදි කෙතරම් කළද බේරී සිටීමට තරම් මොහු සූක්ෂම පුදගලයිකි. ඔහුගේ කොළඹ නගරය තුළ පමණක් ඇති වත්කම් සොයා බැලුවේ නම් මොහු විසින් කර ඇති වංචාවල තරම ගැන ඕනෑම අයෙකුට අවබෝධයක් ලබාගත හැකි බව සේවක මතයයි.
මේ වන විට මෙන පුදගලයා නව ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නුටෝල්ගේ විශ්වාසවන්තම පුද්ගලයා ලෙස කටයුතු කරමින් සිටින බව පවසන සේවකයෝ එමගින් විදේශිකයාගේ චෞර වළල්ලේ තරම පැහැදිලි වන බව්ද ඔවුහු පෙන්වා දෙති.
ගුවන්සේවය යලි ගොඩනැගීමට ලක්ෂ 90කට පඩියටකට රැකියාවට ගත් විදේශිකයා වන රිචඩ් නුටෝල් දැන් මෙම වංචාකරුවන් රැක ගැනීම වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසෙමින් සිටින් බව සේවක්යෝ පෙන්වා දෙති. ඒ, විගණන වාර්තා වලින් හෙළිකොට ඇති මෙම වංචාව ගැන අල්ප මාත්‍රයක හෝ පියවරක් නොගනිමින් බව ඔව්වුහු පවසති. බොහෝවිට විදේශිකයකු හදිසියේම මෙවැනි තනතුරකට බඳවා ගන්නට ඇත්තේද ඉහත වංචාව යටගැසීමේ අරමුණින්ම විය හැකි බව සේවක මතයයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...