දේශීය පුවත්

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මහනුවර චන්දානන්ද විදුහලේ ත්‍යාග ප‍්‍රදානෝත්සවයකට එක්වෙමින් මෙලෙස අදහස් පළ කළේය.

දෙමාපියන් දරුවන් මේ තත්ත්වයට ගේන්න විශාල කැපවීමක් කරනවා. අද මේ ත්‍යාග ප‍්‍රදානෝත්සවයේදී ත්‍යාග නොලද ශිෂ්‍යයන් සිටිනවා. ඔවුන්මතක තබා ගත යුතුයි තමන්ගේ නොහැකියාව නිසා නොව සහෝදර ශිෂයයන් තරගකාරීත්වයෙන් ඉහළ තත්ත්වයට සිටි නිසයි ඒ අයට ත්‍යාග ලැබුණේ. සෑම දරුවකුට සුවිශේෂී හැකියාවන් තිබෙනවා. අද ලෝකය දිහා බැලූවාම ඉහළ තැන්වල ඉන්නේ පාසලේ පසුපෙළ සිටි අයයි. ඒකෙන්ම කියන්නේ නැහැ පාසලේදී පසුපෙළ ට යන්න කියලා. අපේ රටේ අධ්‍යාපනයට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. මහාවංශයට අනුව මහා විහාරයෙන් බෞද්ධ අධ්‍යාපනය පැමිණියා. පසුව විදේශ ආක‍්‍රමණයත් සමග යම් පසු බෑමකට ලක් වුණා. පසුකලෙක දී හෙන්රි ඕල්කට් මැතිතුමා ගෙන් පසුව යළිත් බෞද්ධ අධ්‍යපනය ඉදිරියට ආවා. චන්දා නන්ද විද්‍යාලයත් බෞද්ධ අධ්‍යාපනයේ වැදගත් කම මුල්කරගත් පාසලක්.

එවක රජ දරුවන් පවා ඉගෙන ගන්න ගියේ ගුරුතුමාගේ ගෙදරට. සමාජයේ හැසිරෙන්නේ කොහොමද කියන ආකාරය ගුරුගෙදරින් ඉගෙන ගන්නවා. මේ ගුරු ගෙදර ඉන්න අතර තුර වෙනත් වෟත්තීන් ගැනත් ඉගෙන ගන්නවා .අධ්‍යාපනය කියන්නේ විශාල ක්‍ෂේත‍්‍රයක්. අපේ රටේ පැරණි අධ්‍යාපනය තුළ මේ ක්‍ෂේත‍්‍ර ඇතුළත් වෙලා තිබුණ. දෙමාපියන් ළමුන්ව ගුරුගෙදරට අරන් ගියාම කියන්නේ ළමයාව හදලා දෙන්න කියලයි. දරුවන් වැදගත් ආකාරයෙන් හදලා සමාජ යට එක්කිරී මයි සෑම දෙමාපියන්ගේම අරමුණ. එවැනි දරුවන් හදන පාසලක් ලෙස චන්දානන්ද පාසල හැඳින්විය හැකියි.

ළමුන් පහළ පන්තියේ සිට තරගකාරී වාතාවරණයකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ වගේම දෙමාපියනුත් තරගකාරීත්වයකට යොමුවෙලා . සමාජයට අවශ්‍යයම් යම් ගතිගුණ ගිලිහී යනවා මේ තරගකාරීත්වය නිසා. ළමයි එවැනි තරගකාරී බවට පත්වෙන්නේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් ලැබීමේ අරමුණින්. සෑමකෙනෙක්ම උත්සාහකරන්නේ විශ්වවිද්‍යාලයට යන්නයි. සෑම රජයකට තිබෙන අභියෝගයක් තමයි විශ්වවිද්‍යාල ක්‍ෂේත‍්‍රය. අද වනවිට විශ්වවිද්‍යාලයට ගන්නේ ඉතා සීමිත ළමුන් පිරිසක්. රටට ඉතා වැදගත් වෙන්නේ තාක්‍ෂණික පුද්ගලයන් සමාජ යට එක්කිරීමයි. තාක්‍ෂණික පුද්ගලයන් සමාජයට එක්කිරීමට නම් අධ්‍යාපන ආයතන වැඩි වැඩියෙන් බිහි කළයුතු වෙනවා. සෑම ශිෂ්‍යයෙක්ම උපාධියක් ලැබීම හෝ කාර්මික අධ්‍යාපනයක් ලැබීම ඉතා වැදගත්. සෑම රජයක්ම මුහුණ දිය යුතු අභියෝගයක් ලෙස එය අපි දකිනවා. ලෝකයේ දියුණුවීමත් සමග රට ඉදිරියට යන්නනම් අපි වැඩි වැඩියෙන් උගත් ශ‍්‍රමිකයන් ඇති කිරීමට අවශ්‍යයි. මේ පීඩනය දරුවන්ට නොදිය යුතුයි.

අද සමාජ යේ පිරිහීමක් ඇති වෙමින් තිබෙනවා. ඒ පිරිහීම නැති කළ හැක්කේ හොද අධ්‍යාපනයක් ළමුන්ට ලබාදීම තුළින් පමණයි. අද අපි දැක්කා මේ දරුවන්ගේ හික්මීම. වැඩිහිටියන්ට සැලකීම වැනි ගුණාංග නැවතත් සමාජයට එක් කිරීමට හැක්කේ බෞද්ධ අධ්‍යාපනය තුළින් පමණයි. දරුවන්ට තිබෙන තරගකාරී භව නිසා විශේෂයෙන්ම තමන් ගැන පමණක් සිතන්නට සිදුවෙලා තිබෙනවා. මේවා නිවැරදි කර ගන්නට හැක්කෙ ්හොඳ අධ්‍යාපනයක් තුළින් පමණයි. අපි අපේ අධ්‍යාපනය වෙනුවෙන් හොද ආයෝජනයක් සිදුකළයුතුයි. ආසියාතික රටවල් දිහා බැලූවම අපේ රටේ සියයට 65 ක්ම උගත් පිරිසක් ඉන්නවා.

රටට ඵලදායි පුරවැසියන් වන්නේ කොහොමද කියන එක දැනුවත් විය යුතුයි. අද රාජ්‍ය-පුද්ගලික පාසල් තිබෙනවා. මේ පාසලේ වගේ පන්සල හා සම්බන්ධ අධ්‍යාපන ක‍්‍රමයක් බිහිවීම ඉතා වැදගත්. අද සමාජයේ තිබෙන ප‍්‍රශ්නවලට විසඳුම තිබෙන්නේ එතැනයි. රජයේ පාසල් වුණාම විවිධ නීතිරීතිවලට යටත් වෙන්නට සිදුවෙලා තිබෙනවා. අද ක‍්‍රමයෙන් රජයන් විසින් පනවන ලද නීතිරීති නිසා රටට සමාජයට තිබෙන ආදරයය ශිෂ්‍යයන්ගෙන් ඈත්වෙමින් තිබෙනවා. දරුවන්ට කැපවීමකින් යුතුව මෙවැනි අධ්‍යාපන ආයතනයක් පවත්වා ගෙන යනු ලබන සියලූම දෙනාට ප‍්‍රණාමය පුදකරනවා. ඒ වගේම මෙවැනි පාසල් වලට දරුවන් යොම කිරීම පිළිබදව දෙමාපියන්ටත් ස්තුතිය පුදකරනවා.

මෙම අවස්ථාවට කොල්ලූපිටියේ මහින්ද සංඝරක්‍ඛිත නාහිමි, චන්දානන්ද විද්‍යාලයේ විදුහල්පති ගොඩගම මංගල නාහිමි, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිලූම් අමුණුගම යන මහතා ඇතුුලූ විශාල පිරිසක් එක්ව සිටියහ.

චාමින්ද කරුණාරත්නරුණාව ,සෙනෙහස ,ලෙන්ගතු කම නැති ජිවිත වලින් වැඩක් නෑ .යන්ත්‍රයක ගැටීම් හා අමිහිරි හඩ නතර කරන්න තෙල් පිටින් ගෙනත් දැම්මත් පුද්ගලයන් අතර ගැටීම් නවත්වන්න සෙනෙහස ආදරය පිටතින් ගන්න බැහැ .ඒ ගැන ඊ .ඩබ්ලිව් .අධිකාරම් තුමා පැහැදිළි කළා .අද රට ගොඩ ගන්න බැරි තැනට පත් වේගෙන ඇවිත් .අනාරක්ෂිත සමාජයක අපට ඉන්න සිද්ධ වෙලා .පාලකයන්ගෙන් ඇසෙන්නේ කයිවාරු විතරයි .රටත් විනාශ කරමින් තමනුත් විනාශය කරා යන බව තේරුම් ගන්න නුවණක්‌ නැති බවයි පේන්නෙ .

– චාමින්ද කරුණාරත්න



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More