දේශීය පුවත්

තෙල් සංස්ථාව මේ වනවිට රුපියල් කෝටි 75,000 ක ණයබර ආයතනයක් බවට පත්ව සිටින නිසා මින් ඉදිරියට සත පහක මුදලක් ලබාදිය නොහැකි යැයි බැංකු දැනුම් දීමත් සමග සංස්ථාව තීරණාත්මක තැනකට ඇදවැටී තිබේ.

රාජ්‍ය බැංකු දෙකෙන් ලබාගෙන තිබෙන ණය ප‍්‍රමාණය රුපියල් කෝටි 37,000 ඉක්මවා ගොස් ඇතග ඉකුත්දා ඉන්ධන මිලදී ගැනීමේදී ඒ සදහා අවශ්‍ය ඩොලර් සදහා ගෙවිය යුතු රුපියල් ප‍්‍රමාණයක් සොයා ගැනීමට සඳහා රාජ්‍ය බැංකු දෙකෙන් රුපියල් කෝටි 1036 ක මුදලක් ඉල්ලූවත් එයද ප‍්‍රතික්ෂේප කර ඇත.

මේ වනවිට තෙල් සංස්ථාව ලබා තිබෙන සමස්ත පාඩුව රුපියල් කෝටි 11,000 ඉක්මවා ඇති අතර එක් දිනක පාඩුව රුපියල් කෝටි 55ක් :මිලියන 551ක් යැයි බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් තෙල් සංස්ථා සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ මේ මූල්‍ය අර්බුදයට වගකිවයුත්තේ තෙල් සංස්ථා නිලධාරීන් මහබැංකු නිලධාරීන් ඇතුළු මෙම කටයුතු කළමනාකරණය කළ පිරිස බවයි ජනාධිපති අගමැති විෂය භාර ඇමැතිවරුන් හා සභාපතිවරුන් වෙනස් වුවත් මේ ආයතන දෙකේ රාජ්‍ය නිලධාරීන් කළ දේවල්වල ප‍්‍රතිඑල දැන් ලැබී තිබෙන බවද ඒ මහතා පවසයි.

කෙසේ වෙතත් තෙල් සංස්ථාවේ සහ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සේවකයන් සදහා මේ වනවිටත් මසකට රුපියල් කෝටි 25 ක් 30 ක අතිකාල : ගෙවන බව එම ආයතන මූල්‍ය අංශ පවසයි.

සාමාන්‍යයෙන් ආයතනයක් ලාභ ලබන විට ලාභෙන් කොටසක් සේවකයන්ට බෝනස් ලෙස ලබාදුන්නත් පාඩු ලබන මේ ආයතන සේවකයන් 5ල200ක් පමණ පිරිසට වසරකට තුන්වරක් බෝනස් ලබාදීම සදහා පමණක් රුපියල් කෝටි 150 ක් පමණ වැය කරනු ලැබේග ඊට අමතරව වාහනල ඉන්ධන දීමනාවලට පිරිසක් හිමිකම් කියන අතර වැටුප් හා එකී දීමනා ගෙවීමට පවා බැංකුවලින් ණය ලබාගත් නිසා ණයගැති ප‍්‍රධාන රාජ්‍ය ආයතනය බවට සංස්ථාව පත්වූ බවද එම නිලධාරියා සදහන් කළේය.

තෙල් මිලදී ගැනීමට ඩොලර් වෙනුවෙන් ගෙවීමට සංස්ථාව සතුව රුපියල් නැතිවී නුදුරේම තෙල් හගයක් ඇතිවෙතැයි බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා කියන්නේ තත්ත්වය දරුණු අඩියට වැටී තිබෙන නිසා යැයි ද එම නිලධාරියා සංඛ්‍යාලේඛන උපුටා දක්වමින් අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More