පාස්කු ප‍්‍රහාරය සම්බන්ධව පරීක්‍ෂණවල නිසි ප‍්‍රගතියක් නැතැයි ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිෂෙලි බැෂලේ සිය වාර්තාව ප‍්‍රකාශයට පත්කරමින් ශ‍්‍රී ලංකාවට චෝදනා කළාය.
පිටු 17 කින් යුත් මෙම වාර්තාවේ ශ‍්‍රී ලංකාවේ නීතිපතිටද දෝෂාරෝපණය කරමින් ඔහු ස්වාධීනව කි‍්‍රයා කළ යුතු බවට ඇය කියා සිටියාය.
ඇගේ වාර්තාවේ තවදුරටත් දක්වා ඇත්තේ පොලිස් අත්අඩංගුවේ සිටියදී සිවිල් පුද්ගලයන් මියයෑම සහ ඝාතනය සිදුවන බවයි. එසේම ත‍්‍රස්ත මර්දන පනතද ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූල නැතැයි ඇය කියා සිටියාය.
මානව හිමිකම් කොමසාරිස්වරිය පසුගිය වසරට වඩා මෙවර ශ‍්‍රී ලංකාවට බරපතළ ලෙස චෝදනා නගා ඇත. මෙහිදී ඇය කියා සිටියේ යුද අපරාධ චෝදනා ගැන රජය අවුරුදු 2 ක් තිස්සේ කිසිදු දෙයක් කර නැති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...